News Line| Off Air| Games
Generic placeholder image

Mar
29

කොළඹට හුළං. O/L විශිෂ්ඨයෝ ගම්පහ, මහනුවර, මාතර සහ රත්නපුරයෙන්.

1077 Views


කොළඹට හුළං. O/L විශිෂ්ඨයෝ ගම්පහ, මහනුවර, මාතර සහ රත්නපුරයෙන්.

ඊයේ මධ්‍යම රාත්‍රියේම 2017 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණා. විභාගයට මුහුණ දුන්න ගොඩක් අය මේ වෙද්දී ප්‍රතිඵල බලලා තියෙනේ. විභාගයට මුහුණ දුන්න නොදුන්නා හැමෝම දැන් හොයන දෙයක් තියෙනවා. ඒ තමයි කවුද ලංකාවෙන් පළවෙනියා වෙලා තියෙන්නේ කියලා.

මේ සැරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් ලංකාවෙන්ම පළවෙනියෝ 6 ක් බිහිවෙලා තියෙනවා. ඉන් දෙන්නෙක්ම ගම්පහ රත්නාවලී බාලිකා මහා විද්‍යාලයේ. තවත් ප්‍රථමස්ථාන 2 ක් මහනුවරට ලැබිලා තියෙනවා. ඒ වගේම මාතරට සහ රත්නපුරට ප්‍රථම ස්ථානය බැගින් ලැබිලා තියෙනවා.

මේ ඉන්නේ ලංකාවෙන්ම පළවෙනියෝ වුන 6 දෙනා.

1. රත්නාවලී බාලිකා විද්‍යාලය – කසුනි සෙනෙවිරත්න
2. රත්නාවලී බාලිකා විද්‍යාලය – චමෝදි රවීසා සුභසිංහ
3. මහනුවර උසස් බාලිකා විද්‍යාලය – නවෝද්‍යා රණසිංහ
4. මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය – දිව්‍යාජනා විමලවීර
5. මාතර සුජාතා විද්‍යාලය – රන්දි ලක්ප්‍රියා
6. රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය – කවීශ ප්‍රතිභාත්

මේ සැරේ විභාග ප්‍රතිඵල වලට අනුව 73.5% ක ප්‍රතිශතයක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ගෙන තියෙනවා. සිසුන් 9960 දෙනෙකු A සාමාර්ථ ලබා ගෙන තියෙනවා. 67.24% ක ප්‍රතිශතයක් ගණිතය සමත්ව තියෙනවා. එය 2016 වසරට සාපේක්ෂව සියයට 4.43ක වැඩිවීමක් කියලයි විභාග දෙපාර්තුමේන්තුව සඳහන් කරේ.


News Articles
Latest Videos
Most Popular Post