මමත් ඉල්ලනවා, මමත් එනවා, මම දිනනවා, මේ වෙද්දී බුකියේ හැම තැනින්ම ඇහෙන්නේ ඔන්න ඔය සද්දේ. 2020 ජනාධිපතිවරණයට එන එක ගැන තමයි ඔය කතා. හැබැයි ඒක මුහුද හත් ගවුවක් තියලා අමුඩ ගහනවා වගේ වැඩක් කියලයි සමහරු කියන්නේ. ඔය කොහොම වුනත් කාට කාටත් අමතක වෙලා ජනාධිපතිවරණයට කලින් පුංචි චන්දෙ එනවා කියලා. අනික ඔය මොන ඡන්දේ ආවත් වැඩක් නැහැ ඡන්දේ දාන්න හිමිකම නැත්තං.
ඡන්ද බලය තියෙන්න නං ඡන්ද නාමලේඛනයේ නම තියෙන්න ඕන. නැත්තන් ඉතින් ඡන්දය දාන්න නම් වෙන්නෙ නෑ.ඒ නිසා ඉක්මනට 2017 ඡන්ද නාමලේඛනයේ ඔබේ නම තියෙනවද කියලා බලා ගන්න.
දෙසැම්බර් 10 වෙද්දී පළාත් පාලන ඡන්දය තියනවා කියලයි ආරංචිය. දැන් ඉතිං මේ හදිසියේ ග්‍රාමසේවක ලගට දුවගෙන යන්න ඕන නෑ. පහල තියෙන Link එකට ඉක්මනට ගිහින් බැලුවනම් හරි. හදිසියේවත් ඔබේ නම තිබ්බේ නැති වුනොත් ඉක්මනටම ගිහින් ගමේ ග්‍රාමසේවක හම්බෙන්න. නැත්තන් කාට හුරේ දැම්මත් ඔබේ අපේක්ෂකයාව දිනවන්නම් බැරි වේවි.