News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
30

කොරියාවේ මිසයිලය නිසා, ජපානයේ බුලට් Train නවතියි.

3033 Views


කොරියාවේ මිසයිලය නිසා, ජපානයේ බුලට් Train නවතියි.

මේ ගතවෙන්නේ තවත් ලෝක යුද්ධයකට අත වනන කාලයක්. ඒකට හේතුව තමයි මේ වෙද්දී දිගින් දිගටම සමහර රටවල් තමන්ගේ න්‍යෂ්ටික බලය පෙන්නමින් ඉන්න එක. තමන්ගේ සතුරන්ට පේන්න මිතුරන් එක්ක යුධ අභ්‍යාස කරන එක පහුගිය කාලේ ගොඩක් රටවල් සිද්ධ කරා. ඒ අතරතුර තම තමන්ගේ රටවල න්‍යෂ්ටික හැකියාවන් ගැන ඔවුන් ජාත්‍යන්තරය පෙන්නනවා. පහුගිය දවසක ඇමෙරිකාවත් දකුණු කොරියාව එක්ක යුද අභ්‍යාසයක් කරා. ඒ තරහට ඊයේ උතුරු කොරියාව මිසයිලයක් අත්හදා බැලුවා. ඒ මිසයිලේ ජපානයට ඉහළ අහසින් ගිහින් ජපාන මුහුදටම වැටුනා. උතුරු කොරියාව කරපු මේ හිතුවක්කාර වැඩේ නිසා මුළු ලෝකෙම එකතැන වුනා.

මෙච්චර කාලෙකට හැම රටක්ම මිසයිල අතහදා බැලුවේ දුපතක් වත් නැති සාගර කලාප වල. හැබැයි පලවෙනි වතාවට ජපානය උඩින් මිසයිලයක් අත්හදා බලන්න උතුරු කොරියාව තීරණය කලේ නායක කිම් ජෝන්ගේ අණ පරිදි. හැබැයි මේ සිද්ධියට ඇමෙරිකාව, ජපානය, රුසියාව මේ වෙද්දිත් ප්‍රතිචාර දක්වලා ඉවරයි.

ඇමරිකාවේ ජනාධිපති ට්‍රම්ප් කිව්වේ, ” මගේ මේසේ උඩ මේ වෙලාවේ උතුරු කොරියාවට කරන්න ඕන දේවල් තියෙනවා. මොකක්ද ගන්නේ කියලයි මං මේ කල්පනා කලේ.”

රුසියාවේ ජනාධිපති පුටින් කලේ, රුසියානු – උතුරු කොරියානු දෙශසීමාවෙ ඉන්න රුසියානු ජාතිකයන් 1500 ක් ඉවත් කරලා, එතනට දැඩි හමුදා ආරක්ෂාවක් යොදන එකයි.

මේ මිසයිල අත්හදා බැලීමෙන් වැඩියෙන්ම කම්පනයට පත් වුනේ ජපන් අගමැති. ඔහු මේ සිදුවීමත් එක්ක, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හදිසි රැස්වීමක් ඉල්ලුවා. ඒ තමයි රටට ඇතිවුන අනාරක්ෂිත තත්වය ගැන කරුණු දක්වන්න. හැබැයි ආරංචි වුන විදිහට මේ මිසයිල අත්හදා බැලීම ගැන කලින් දැනගෙන ඉදල තියෙනවා. ඒ නිසා මිසයිලය ජපානයට ඉහල අහසින් ගමන් කරන වෙලාවේ ජපානයේ Bullet Train ගමනාගමය අත්හිටුවලා. ඒ වගේම සියළුම ජනතාවට අවධානයෙන් ඉන්න කියල නිවේදනයකුත් නිකුත් කරලා.

ඉතින් මේ දේවලුත් එක්ක කල්පනා කරනකොට අපට හිතෙන්නේ ජපානය ඕන දේකට ලෑස්ති පිට ඉන්න රටක් කියලා. සමහරවිට උතුරු කොරියාව ජපානයට උඩින් මිසයිලයක් අත්හදා බලල කරගත්තේ නිදාගෙන ඉන්න මකරෙක් අවුස්ස ගත්ත වගේ වැඩක් වෙන්නත් පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post