පාර්ලිමේන්තුවේදී සම්මත වුන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පත සඳහා කථානායක කරූ ජයසූරිය මහතා මීට සුලූ වේලාවකට කලින් අත්සන් කලා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි කථානායක කාර්යාලයේදී.
ඒ අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා, ඇතුලූ නිළධාරීන් එක්ව සිටියා.
පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත කෙරුණේ පසුගිය 25 වනදා. පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් අනතුරුව එය නීතියක් බවට පත් කිරීම සදහා කතානායකවරයාගේ අනුමැතිය අනිවාර්යය වෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගියදා ප‍්‍රකාශ කලේ, පළාත් පාලන ආයතන පනත් කෙටුම්පතට ලබන සැප්තැම්බර් 15 ට කලින් කථානායකවරයාගේ අත්සන තැබුවහොත් මේ වසරේ ඡන්ද විමසීම පැවැත්විය හැකි බවයි.