මේ වෙද්දී හැමෝම ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ පුංචි ඡන්දය තියන්නේ කවදද කියලයි. හැබැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහත්මයා නම් කියන්නේ “බත ඉදෙනකන් ඉන්න පුළුවන්, බෙදනකන් තමයි ඉවසන්න බැරි කියලයි.” කොහොම වුනත් දෙසැම්බර් 9 ඡන්දය පවත්වන්න බාධක 2ක් තියෙනවා කියලයි ඔහු කියන්නේ. එකක් සාමාන්‍ය පෙළ විභාගය. අනිත් කාරනාව තමයි ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහා නගර සභා සම්බන්ධ පනත් කෙටුම්පත් සම්මත කරගැනීමට කාලය මදිකම. ඉතින් දෙසැම්බර් 9 බැරි වුනොත් අනිවාර්යෙන්ම ජනවාරි 6 සෙනසුරාදා පුංචි ඡන්දය තියන්න පුළුවන් කියලයි සියත 24 වෙත මීට ටික වෙලාවකට කලින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කිවුවේ.
සටහන : පුර්ණිමා