News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
1

ශ්‍රී ලංකාව 2019 ලෝක කුසලානයට සුදුසු නැහැ. – ICC යෙන් රතු නිවේදනයක්.

7477 Views


ශ්‍රී ලංකාව 2019 ලෝක කුසලානයට සුදුසු නැහැ. – ICC යෙන් රතු නිවේදනයක්.

ඊයෙත් අපි පරාදයි. ඒ ලකුණු 168 කින්. දැන් නම් ඉතින් අපිට අකමැත්තෙන් වුණත් සිද්ධ වෙනවා ලෝක කුසලානයට කෙලින්ම යන හීනය අත ඇර ගන්න. මොකද මේ ඊයේ පරාජයත් එක්ක ICC ය නිවේදනය කරා ලංකාවට 2019 ලෝක කුසලානයට කෙලින්ම සහභාගිවීමේ අවස්ථාව අවහිර වුනා කියලා.
2019 ලෝක කුසලානය පැවැත්වෙන්නේ එංගලන්තයේ. ඉතිං එංගලන්තය කොහොමත් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබනවා. ඒ ඇරෙන්න සැප්තැම්බර් 30 වෙද්දී ශ්‍රේණිගත කිරීම් වල උඩින් ඉන්න රටවල් 7ට කෙලින්ම ලෝක කුසලානයට යන්න අවස්ථාව ලැබෙනවා. දැන් ලංකාව ඉන්නේ 8 වෙනි තැන ප්‍රසාද ලකුණු 88ක් ලබාගෙන. ඉතින් ලබන ඉරිදා තියෙන 5 වෙනි තරගය දිනුවත් ප්‍රසාද ලකුණු 88ම ඉන්න අපිට පුළුවන්. ඒත් එක ලෝක කුසලානයට ස්වයංක්‍රියව සුදුසුකම් ලබන්න මදි කියලයි ICC ය කියන්නේ.
මේ වෙද්දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉන්නේ ශ්‍රේණිගත කිරීම් වල 9 වෙනි තැන. හැබැයි ඔවුන්ට තව අවස්තාවක් තියෙනවා. මේ මාසේ තියෙන එංගලන්ත සහ අයර්ලන්ත තරගාවලි. මෙතැනදී ඔවුන්ට අයර්ලන්තයට එරෙහිව හොද ජයක් ලබාගෙන කෙලින්ම ලෝක කුසලානයට යන්න අවස්තාව තියෙනවා.
එහෙම වුනොත් ඇෆ්ගනිස්තානය, අයර්ලන්තය සහ සිම්බාබ්වේ සහ ක්‍රිකට් වලට මෑතකදී අත්පොත තියපු රටවල් 6කුත් සහභාගී වන ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියට ශ්‍රී ලංකාවත් සහභාගී වේවි. ඒ තරගාවලියෙන් ජයගන්න කණ්ඩායම් 2 තමයි ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන්නේ. දැන් ඉතින් අපිට තියෙන්නේ ඇත්තටම කිවුවොත් බලන් ඉන්න විතරයි. ඔව් අපි සිංහයන් නැගිටිනකම් බලන් ඉමු.


News Articles
Latest Videos
Most Popular Post