News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
3

ආයෙත් නාය යන ලකුණු – කෝකටත් සුදානම් ශරීරෙන් ඉන්න…

1895 Views


ආයෙත් නාය යන ලකුණු – කෝකටත් සුදානම් ශරීරෙන් ඉන්න…

කළුතර, කෑගල්ලල, රත්නපුර දිස්ත‍්‍රික්ක වලට නායයෑම් අනතුරු ඇගවීම් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා.

ජාතිකගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කිව්වෙ, ඒ දිස්ත‍්‍රික්ක වල නායයෑම්, කණ්ඩි කඩා වැටීම් ගල්  පෙරලීම් වගේ ආපදා තත්වයන් ඇති වෙන්න පුළුවන් කියලා.

කඳුකර පැත්තෙ ඉන්න අය මේ පිළිබඳව අවධානයෙන් ඉන්න ඕන කියලත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය වැඩි දුරටත් කිව්වා.

කඳුකර ප‍්‍රදේශයෙන් මඩ වතුර ගලාගෙන ඒම, පොළොවෙ සහ බිත්ති ඉරි තැලීම, ගස් හෝ කණු ඇදවීම නාය යාම් වල මූලික ලක්ෂණ වෙනවා. ඒ වගේ ලක්ෂණ දැක්කොත් හැකි ඉක්මනින්ම ඒ ප්‍රදේශ වලින් අයින් වෙන්න කියල, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය කියා සිටිනවා.

අදත් රටේ ගොඩාක් පැති වලට මිලි මීටර් 100 ක් විතර වෙන තද වැසි එන්න පුළුවන් කියලා කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා.


News Articles
Latest Videos
Most Popular Post