පවතින අධික වැසි සහිත තත්වයෙන්, නාය යෑමේ අවධානමක් ඇතිවිය හැකි නිසා ඇහැළියගොඩ, අයගම යන ප්‍රදේශ වල අවධානම් කලාප වල ඉන්න ජනතාව ඒ ප්‍රදේශ වලින් ඉවත් කරමින් ඉන්නවා කියල අපට ආරංචි වුනා.
ඒ වගේම කොළඹ නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවීම නිසා මේ වෙද්දී දැඩි රථ වාහන තදබදයක් ඇතිවෙලා තියෙනවා.
මේ අතර, අත්තනගළු ඔය සහ කැළණි, කළු යන ගංඟා පිටාර මට්ටමට ඇවිත් තියෙනවා. මේ නිසා පහළ ගං ඉවුරු ආශ්‍රිතව ඉන්න ජනතාවට අවධානයෙන් ඉන්න කියල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවනවා.
ඒ වගේම කුකුලේ ගඟ වාන් දොරටුවක් විවෘත කරලා තියෙන නිසා අගලවත්ත, වලල්ලාවිට, ඉංගිරිය, බදුරලිය ජනතාවටත් අවධානයෙන් ඉන්න කියලයි ඔවුන් කියන්නේ. කොහොම වුනත් තවදුරටත් වැසි ඇද හැලෙන බව තමයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නෙ.