මේ තියෙන්නෙ කාළගුණ විද්‍යා දෙපාර්තමෙන්තුවෙන් අද උදෑසන 5:30 ට නිතුත් කළ, ඉදිරි පැය 24 සඳහා වන කාලගුණ නිවේදනය…

මහජනයා සඳහා කාලගුණ අනාවැකි
2017 සැප්තැම්බර් මස 07 වන දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වේ.
බස්නාහිර, දකුණු, සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සමහර ප්‍රදේශවල, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට ඉතා තද වැසි (මි.මි.100-150 ක පමණ) ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.සමහර ප්‍රදේශවල, විශේෂයෙන් ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට තද වැසි (මි.මි.100 ක පමණ) ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.