හෙටයි අනිද්දයි නිවාඩු නිසා කොළඹ වැඩ කරන පිට පළාත් වල ගොඩක් අය අද හවස ගමේ යනවා. ඒ හින්දා සාමාන්‍යයෙන් සිකුරාදා හවසට කොළඹ ලොකු වාහන තදබදයක් තියෙනවා. හැබැයි ඉතිං අද නම් ඊටත් වඩා Traffic එක වැඩි වෙයි. ඒ හින්දා ඔබට ලේසියෙන් කොළඹින් එලියට යන්න වෙන්නෙ නෑ.
මොකද සයිටම් විරෝධී වාහන පෙළපාලි 5 ක් අද කොළඹට එනවා. වාහන 5000 ක් විතර මේ පෙළපාලි වල තියෙනවා කියලයි ආරංචිය. ඒ නිසා කොළඹ මාර්ග වල ලොකු වාහන තදබදයක් ඇති වෙන්න පුළුවන්. එක පෙළපාලියක් ගම්පහ නගරයෙන් පටන් අරන් නුවර පාරෙන් කොළඹට එනවා. ඊයේ තිස්සමහාරාමයෙන් ආරම්භ වුණ රථ පෙළපාලිය අද කළුතරින් පටන් අරන් ගල්කිස්ස, රත්මලාන හරහා කොළඹට එනවා. තවත් එකක් අවිස්සවේල්ලෙන් පටන් අරන් හෝමාගම, මහරගම හරහා කොළඹට එනවා. හොරණ ඉදලා පිළියන්දල, බොරලැස්ගමුව හරහා තවත් සයිටම් විරෝධී පෙළපාලියක් එනවා.
මේ විදියට තැන් 5 කින් පටන් ගත්ත පෙළපාලි සේරම ලිප්ටන් වටරවුමට තමයි එකතු වෙන්නෙ. ඒ හින්දා අද හවසට ගෙදර යන අය මේ පාරවල් මඟ හැරලා ගියත් ඉක්මනට ගෙදර යා ගන්න පුළුවන් වෙයි කියල නම් අපිට හිතන්න අමාරුයි. පුළුවන් නම් පැයක් දෙකක් කලින් Office එකෙන් පන ගන්න. එහෙම වුනොත් නම් ඉක්මනට ගෙදර යා ගන්න පුළුවන්.
රථ පෙළපාලි කොළඹට එන පාරවල් මෙන්න..