ඕනෑම තැනක නාහෙට අහන්නෙ නැති එකෙක් ඉන්නවා. කොයි වෙලෙත් රණ්ඩුවටමයි එන්නෙ. අහක යන නයෙක්ට හරි ගලක් ගහල අවුස්සා ගන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නෑ. උතුරු කොරියාව කියන්නෙත් අන්න ඒ වගේ රටක්. උතුරු කොරියාව ආයෙත් නිදාගෙන ඉන්න සිංහයෙක්ව කොනිත්තලා.
ඒ තමයි අයෙත් සැරයක් ජපානයේ හොකයිඩෝ දූපතට උඩින් මිසයිලයක් ගහලා. මේ බැලස්ටික් මිසයිලයත් ජපානයට උඩින් කිලෝමීටර 3700 දුර ගිහිල්ලා හොකයිඩෝ දූපත අසල මුහුදට වැටිලා තියෙනවා. උතුරු කොරියාව මිට සති 2 කට කලිනුත් ජපන්නයට උඩින් මිසයිලයක් ගැහුවා. අලුත්ම මිසයිල අත්හදා බැලීම ගැන ජපාන අගමැති ශින්සෝ අබේ නම් කියන්නෙ “භයානක කුපිතකාරී ක්‍රියා කිසිවිටෙකත් ඉවසන්නෙ නෑ” කියලයි.
උතුරු කොරියාවේ මිසයිල ප්‍රහාරයෙන් පස්සෙ දකුණු කොරියාවත් බැලස්ටික් මිසයිල දෙකක්ම මුහුදට විදලා පොඩි සද්දයක් දාලා තිබ්බා. මේ මිසයිල ප්‍රහාරය නිසා ශාන්තිකර සාගරයේ ගමන් කරපු නැව් වලට හරි, අහසේ පියාසර කරපු ගුවන් යාන වලට හරි අනතුරක් වෙලාද කියලා තාම නම් ආරංචියක් නෑ. මේ ප්‍රහාරය ඇමරිකාවත් හෙලා දැකලා තියෙනවා.
මේ යන විදියට නම් 3 වෙනි ලෝක යුද්ධය පටන් ගන්න කාලය වැඩි ඈතක නෙවෙයි. ඉස්සරහට මොනවයින් මොනවා වෙයිද කියලා දෙවියෝ තමයි දන්නෙ.