News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
21

මනෝ විද්‍යාව / විලාසිතා /Graphic Design ඇතුළු අමුතු විෂයන් 26 ක් A/L වලට.

6440 Views


මනෝ විද්‍යාව / විලාසිතා /Graphic Design ඇතුළු අමුතු විෂයන් 26 ක් A/L වලට.

2019 අවුරුද්දේ ඉඳලා සමස්ත පාසල් පද්ධතිය ම ආවරණය වෙන හිදිහට ක්‍රියාත්මක කරන්න නියමිත 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ උසස් පෙළට අලුත් විෂයයන් රැසක් ඇතුළත් කර තිබෙනවා. මෙම විෂය ධාරාව වෘත්තීය විෂය ධාරාව කියල තමයි හඳුන්වනවන්නේ. මේ විෂය ධාරාව ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා. ඒ පොදු විෂය මාලාව සහ ව්‍යවහාරික විෂය මාලාව වශයෙන්. පොදු විෂය මාලාව යටතේ ප්‍රධාන විෂය ක්ෂේත්‍ර 09ක් ආවරණය කෙරෙනවා. උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට ඇතුළත් වන සියලුම සිසුන් අධ්‍යයන වසර දෙකට අයත් පළමු මාස 6 දී මෙම විෂය ක්ෂේත්‍රයන් අනිවාර්යයෙන් ම හදාරන්න ඕන කියල තමයි අධ්‍යාපන අමාත්‍යංශය කියන්නේ. එළඹෙන ඔක්තෝබරයේ ඉඳලා නියමු ව්‍යාපෘතියක් ලෙස මේ විෂයන් පටන්ගන්න නියමිත වෙනවා.

සිසුන් විසින් ප්‍රගුණ කළ යුතු ඒ විෂය ක්ෂේත්‍ර පහතින් දක්වලා තියෙනවා.

1. පළමු බස (සිංහල හෝ දෙමළ)
2. ව්‍යවහාරික ඉංග්‍රීසි සහ සන්නිවේදන කුසලතා සංවර්ධනය
3. සෞන්දර්ය රසාස්වාදය හා සබැඳි කුසලතා
4. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා
5. පුරවැසිභාවයට අදාළ කුසලතා
6. සමාජ යහපැවැත්ම සඳහා අවශ්‍ය සෞඛ්‍ය හා ජීවන කුසලතා
7. ව්‍යවසායකත්ව කුසලතා
8. ක්‍රීඩා හා අනෙකුත් විෂය සමගාමී ක්‍රියාකාරකම්
9. වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන්

මෙම පොදු විෂය මාලාව හඳුන්වාදිමේ අරමුණ වෙන්නේ සිසුන් තුළ ප්‍රායෝගික වැඩ ලෝකයට අත්‍යවශ්‍ය වන පෞරුෂත්වය ඇතුළු අනෙකුත් මූලික කුසලතා තහවුරු කිරීම.

ඊට පස්සෙ, ඉතිරි මාස 18 තුළ අධ්‍යයනය කිරීම සඳහා පහත විෂයයන් 26 අතුරෙන් කැමති එක් විෂයක් තෝරාගැනීමට සිසුන්‍ට අවස්ථාව ලැබෙනවා. මේකට කියන්නෙ ව්‍යවහාර විෂයයන් මේ තමයි උසස් පෙළට අලුතින් එක්වන විෂයයන් ටික (26)

1. ළමා මනෝවිද්‍යාව හා ආරක්ෂණය (Child Psychology and care)
2. සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය (Health and Social Care)
3. ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා (Physical Education ad Sports)
4. ප්‍රාසාංගික කලාව (Performing Arts)
5. කාර්යසිද්ධි කළමණාකරණය (Event Management)
6. ශිල්ප කලා (Arts and Crafts)
7. අභ්‍යන්තර නිර්මාණකරණය (Interior Designing)
8. විලාසිතා නිර්මාණකරණය (Fashion Designing)
9. ග්‍රැ‍ෆික් නිර්මාණකරණය (Graphic Designing)
10. කලාව හා පිරිසැලසුම්කරණය (Art and Designing)
11. භූ දර්ශන නිර්මාණකරණය (Landscaping)
12. ව්‍යවහාරික උද්‍යාන විද්‍යා තාක්ෂණ අධ්‍යයනය (Applied Horticultural Studies)
13. පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය (Livestock Product Studies)
14. ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය (Food Processing Studies)
15. ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය (Aquatic Resource Studies)
16. වැවිලි බෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය (Plantation Product Studies)
17. ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය (Construction Studies)
18. මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය (Automobile Studies)
19. විදුලිය හා ඉලෙක්ට්‍රොණික තාක්ෂණ අධ්‍යයනය (Electrical and Electronic Studies)
20. පේෂකර්ම හා ඇඟලුම් තාක්ෂණ අධ්‍යයනය (Textile and Apparel Studies)
21. ලෝහ සැකසුම් තාක්ෂණ අධ්‍යයනය (Metal Fabrication Studies)
22. ඇලුමිනියම් පිරිසැකසුම් තාක්ෂණ අධ්‍යයනය (Aluminum Fabrication Studies)
23. මෘදුකාංග සංවර්ධනය (Software Development)
24. වෙබ් නිර්මාණකරණය (Web Development)
25. සංචරණය හා ආගන්තුක සත්කාර (Tourism and Hospitality)
26. පාරිසරික අධ්‍යයනය (Environmental Studies)


News Articles
Latest Videos
Most Popular Post