News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
24

24 වන දකුණු පළාත් රගර් සංග්‍රාමයේ ජය ඇලවීෂියානුවන්ට…

3909 Views


24 වන දකුණු පළාත් රගර් සංග්‍රාමයේ ජය ඇලවීෂියානුවන්ට…

දකුණේ දැවැන්තම රගර් සංග්‍රාමය වන ටී.වී. සුමනසේකර අනුස්මරණ ශූරතා තරඟය ඊයේ (23) පැවැත්වුණා. එ් ගාල්ල සාන්ත අැලෝසියස් විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාලය අතර. අැලෝසියස් විද්‍යාලීය ක්‍රීඩා සංකීර්ණයේ 24 වෙනි වතාවටත් පැවැත් වුන තරඟයෙන් 19 -09 විදියට ජයග්‍රහණය කරන්න අැලෝසියස් විද්‍යාලය සමත් වුණා. තරඟය අාරම්භයේ ඉදන්ම කරට කර පැවති උණුසුම් තරඟයක් වුනා. පලවෙනි අර්ධයේදී එකි උත්සාහක දිනුමක් සහ දෙවන අර්ධයේදී උත්සාහක දිනුම් දෙකක් අැලෝසියස් විද්‍යාලය ලබා ගත්තා. කණ්ඩායම් දෙකම රැස් කරපු සියලුම ලකුණු ක්‍රීඩකයින් දෙන්නෙක් විතරක් ලබා ගත්ත එකත් විශේෂයක්. අැලෝසියස් විද්‍යාලයේ සචින්ද්‍ර මදුලංක උත්සාහක දිනුම් 3 ක් සහා ප්‍රවර්තන දිනුම් 2 ක් වාර්තා කරා. රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් හේෂාන් කවින්ද දඩුවම් පහර 3 ක්. සාර්ථක කර ගත්තා. තරඟයේ දක්ෂතම ක්‍රීඩකයා වුනෙත් අැලෝසියස් විද්‍යාලයේ සචින්ද්‍ර මදුලංක.
මේ තියෙන්නෙ තරඟයේ විශේෂ අවස්ථා:

https://www.facebook.com/thepapare/videos/10156725112664251/


News Articles
Latest Videos
Most Popular Post