පහුගිය කාලේ තිබුන නියං කාලගුණය නිසා පොල් අස්වනු ලැබීම පහත වැටුනා. ඒ නිසා රට තුල පොල් හිඟයක් ඇති වුනා. ඉන් වැඩි බලපෑමක් එල්ල වුනේ කොළඹ, හම්බන්තොට, සහ මාතර දිස්ත්‍රික්ක වලට. මේ දවස් වල පොල් ගෙඩියක් අලෙවි වෙන්නේ රුපියල් 80 ත් 100 ත් අතර මිලකට. එත් අද සිට පොල්ගෙඩියක් රුපියල් 65 ක මිලකට අලෙවි කරන්න රජය සතු පොල්, තොග වෙළදපොළට නිකුත් කරන බව පොල් වගා කිරිමේ මණ්ඩලය පවසනවා.
එහි සභාපති කපිල යකන්දාවල කිවුවේ, කුඩා පරිමාණ පොල් වගා කරුවන්ගෙන් ගත්ත පොල් තොග, මෙහිදී වෙළදපොළට නිකුත් කරන බවයි. මේ විදිහට පොල් ගෙඩි ලක්ෂ 10 ක තොගයක් බෙදාහැරීමට කටයුතු යොදා තිබෙනවා. හැබැයි එක්කෙනෙකුට ගන්න පුළුවන් වෙන්නේ පොල් ගෙඩි 10 ක් විතරයි.
මේ පොල් වල විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මෙහෙම විකුණන්නේ පාට කරපු පොල්. ඒ නිසා කූඨ වෙළඳුන්ට ඒ පොල් අපහු අලෙවි කිරීමට මේක බාධාවක් වෙනවා. මෙහිදී සෞඛ්‍යට අහිතකර නොවන වර්ණක යොදා ගැනීමට පොල් වගා කිරීමේ මණ්ඩලය අවධානය යොමුකර තිබෙනවා. පසුගිය 27 වනදා ජනාධිපතිතුමා පොල් වගා කිරීමේ මණ්ඩලයට දැනුම්දුන්නේ අද සිට අතරමැදියන්ගෙන් තොරව ජංගම රථ යොදා ගනිමින් කෙලින්ම පාරිභෝගිකයන්ට පොල් අලෙවි කරන බවයි. ලබන බදාදා ඉඳන් සතොස වෙළඳසැල් මඟින් අඩු මිලට මේ පොල් මිලදී ගන්නත් පුළුවන්.
සටහන : පුර්ණිමා