පවතින අධික වැසි සහිත කාලගුණයත් නිසා කලූ, ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටම් තරමක් වැඩිවෙලා තියෙනවා. ඒ නිසා එම ගංගා අවට ජනතාවට දැඩි අවධානයෙන් ඉන්න කියලා ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය අනතුර අඟවනවා.
අධික වර්ෂාවත් එක්ක කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවකුත් විවෘත කරලා තියෙනවා. ඒ නිසා අගලවත්ත, බදුරලිය, පාලින්ද නුවර සහ ඉංගිරිය ප‍්‍රදේශවල පහත්බිම් අවට වෙසෙන ජනතාවට අවධානමක් තියෙනවා. ඒ වගේම වැසි සහිත කාලගුණය නිසා රත්නපුර දිස්ති‍්‍රක්කයට නිකුත් කළ නායයෑම් අනතුරු ඇගවීම් නිවේදනය තවදුරටත් කි‍්‍රයාත්මකයි. රත්නපුර දිස්ති‍්‍රක්කයේ ඇහැළියගොඩ, පැල්මඩුල්ල සහ කහවත්ත ප‍්‍රදේශ අවට ජනතාව නායයෑම් සම්බන්ධයෙන් දැඩි විමසිල්ලලෙන් ඉන්න. මොකද මේ වෙද්දීත් රත්නපුර දිස්ති‍්‍රක්කයේ ඇහැළියගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මිලි මීටර 100 ඉක්මවූ තද වැසි ඇද හැලෙනවා.
නාය යාමක මූලික ලක්ෂණ වෙන්නෙ කදුකර ප‍්‍රදේශ වලින් මඩ ජල ගලා ඒම, භූමිය හා බිත්ති ඉරි තැලීම, ගස් හෝ කණු ඇද වීම. ඒ නිසා ඒ වගේ ලක්ෂණ දැක්කම පුළුවන් තරම් ඉක්මනට ආරක්ෂිත ස්ථාන කරා යන්න. මේ වගේ අවධානම් ස්ථානවල ඔබේ නෑදෑ හිතමිතුරන් ඉන්නවා නම් ඔවුන්ව හැකි ඉක්මනින් දැනුවත් කරන්න.