News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
18

මහා පිපිරුම් ශබ්ධයක් සමග විශාල එළියක් මාතර කළඹයි. – කලබල වෙන්න එපා. ආරක්ෂක අංශ සීරුවෙන්. – Exclusive

22296 Views


මහා පිපිරුම් ශබ්ධයක් සමග විශාල එළියක් මාතර කළඹයි. – කලබල වෙන්න එපා. ආරක්ෂක අංශ සීරුවෙන්. – Exclusive

මාතර, කඹුරුපිටිය, තිහගොඩ,අකුරැස්ස වැනි ප්‍රදේශ වල සිටින ජනතාවට අද රාත්‍රියේ මහා පිපිරුම් හඬක් සමග විශාල එළියක් දැක ගන්න ලැබී තිබෙනවා. එම නිසා ඒ ප්‍රදේශ වල ජනතාව තරමක් බියට පත්වී ඇති බවයි සියත 24 වෙත ආරංචි වුණේ.

මාතර ප්‍රදේශයේ මේ සිද්ධිය ඇසින් දුටු අය ප්‍රකාශ කරේ වොලිබෝලයක ප්‍රමාණයෙන් යුතු තද කහ පාට ගෝලාකාර දෙයක් මුහුදට වැටෙනවා දුටු බවයි.

මේ පිපිරුම් හඬ සහ ශබ්ධය පිළිබඳව අප විසින් සොයා බලමින් සිටින අතර කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ මෙය බොහෝ විට උල්කාෂ්මයක් වැනි ආකාශ වස්තුවක කඩා වැටීමක් විය හැකි බවයි.

කොහොම වුනත් මේ ගැන අනිසි බියක් ඇති කර නොගන්නා ලෙසත් ආරක්ෂක අංශ මේ පිළිබඳව සීරුවෙන් සිටින බවත් අපි ඔබට දැනුම් දෙනවා.

 


News Articles
Latest Videos
Most Popular Post