යාපනය සහ නාවක්කුලිය දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය හෙට සිට තාවකාලිකව අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියනවා. ඒ එම දුම්රිය ස්ථාන 02 අතර පිහිටි පාලමක අලූත්වැඩියා කටයුත්තක් නිසා. ලබන 27 වනදා එම අලූත්වැඩියා කටයුතු අවසන් වෙනකම් මේ විදියට යාපනය සහ නාවක්කුලිය දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවනවා.
හැබැයි ඒ නිසා දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාව වළක්වන්න විශේෂ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරනවා කියලා දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරා. ඒ අනුව හෙට ඉදන් ලබන 27 වනදා වෙනකන් ඒ දුම්රිය ස්ථාන අතර විශේෂ බස් රථ සේවාවක් ක‍්‍රියාත්මක කරන්න ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු යොදලා තියෙනවා.