News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
29

අද ඉදන් ලංකාවට තද වැසි. නාය යෑම සහ ගංවතුර අවධානම ඉහළට.

2990 Views


අද ඉදන් ලංකාවට තද වැසි. නාය යෑම සහ ගංවතුර අවධානම ඉහළට.

පවතින අධික වැසි සහිත කාලගූණ තත්වය නිසා කෑගල්ල දිස්ති‍්‍රක්කයට නාය යාමේ අනතුරු ඇගවීම් නිකුත් කරලා තියෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කලේ ඒ දිස්ති‍්‍රක්කයේ අවදානම් ප‍්‍රදේශ වල වෙසෙන ජනතාව අවධානයෙන් ඉන්න කියලයි. සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්වලත් අම්පාර සහ හම්බන්තොට දිස්ති‍්‍රක්කවලත් අද ඉදන් තද වැසි ඇති වෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම කදුකරයට පවතින තද වැසි තත්වය එක්ක ලක්‍ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘතව තියෙනවා. ඒ නිසා, ඒ අවට පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් ඉන්න. වර්ෂාවත් එක්ක කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම් පිටාර මටිටමට ඇවිත් තියෙනවා. පවතින වැසි සහිත කාලගුණයත් එක්ක ඌව පලාතේ ප‍්‍රදේශ රැසකට දැඩි මීදුම් තත්ත්වයකුත් ඇති වෙලා තියෙනවා. ඒ නිසා වැල්ලවාය, බිබිල, මොනරාගල, බන්ඩාරවෙල, බදුල්ල සහ වැලිමඩ යන ප‍්‍රදේශවල රිය ධාවනයේදි වඩාත් සැලකිලිමත්වෙන්න. වාහනවල ඉදිරි ලාම්පු දල්වා ධාවනය කිරීමෙන් අනතුරු අවම කරගන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post