News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
31

ඉදිරි දවස් කිහිපයේදී තව දුරටත් තද වැසි. කාලගුණයෙන් රතු එළියක්.

2008 Views


ඉදිරි දවස් කිහිපයේදී තව දුරටත් තද වැසි. කාලගුණයෙන් රතු එළියක්.

දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නීසා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දවස් කිහිපයේදී තව දුරටත් පවතින අතර, ලංකාවේ බොහෝ පළාත් වල අහස වලාකුළු වලින් බරව පවතිනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා.

ලංකාවේ ගොඩක් පළාත්වල පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව ඉතා තද වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතිනවා. මේ බව දැක්වෙන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරු 12ට නිකුත් කළ කාලගුණ නිවේදනයේ.

ඒ වගේම මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ, ඌව, උතුරු සහ උතුරු මැද පළාත්වලත්, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට පැය 24 ක් තුළ මි.මී. 150 වැඩි ඉතා තද වැසිද, අනෙක් ප්‍රදේශවල සමහර ස්ථානවලට පැය 24 ක් තුළ මි.මී 100 ට වැඩි තද වැසිද ඇති වෙන්න පුළුවන් කියලත් අදාළ නිවේදනයේ දැක්වෙනවා.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා කියලා ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post