සුනාමි ආපදා සදහා වන පෙර පුහුණු ජාතික වැඩසටහන හෙට (05) පැවැත්වීමට ආපදා කළමණාකරණ අමාත්‍යාංශය කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව, එම වැඩසටහන සුනාමි අවදානමට ලක්වෙන්න පුළුවන් ගම්මාන 77ක් කේන්ද්‍ර කර ගනිමින් දිස්ති‍්‍රක්ක 14 ක් තුල පැවැත්වීමට නියමිත වනවා.
ගාල්ල, මාතර, කොලඹ, ගම්පහ, පුත්තලම, මන්නාරම, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, ත‍්‍රීකුණාමලය, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත‍්‍රික්ක ඊට අයත් පෙර පුහුණු වැඩසටහන සදහා දිවයින පුරා පිහිටා ඇති සුනාමි අනතුරු ඇගවීමේ සන්නිවේදන කුලූණු 77 ක් යොදා ගැනෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. එච්. පේ‍්‍රමලාල් මහතා සදහන් කලේ, එම කුලූණු මගින් හෙට පස්වරු 2. 05 ට අනතුරු ඇගවීමේ සංඥා නිකුත් කරන බවයි. මෙම වැඩසටහන සදහා ජනතාව සම්බන්ධ කර ගැනීමට සියලූම ප‍්‍රාදේශීය ලේකම් කාර්යයාල සහ ග‍්‍රාම සේවා මට්ටමින් කටයුතු යොදා ඇති බව, ආපදා කළමණාකරන අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රවී ජයරත්න මහතා පැවසුවා. ඔහු සදහන් කලේ මේ මඟින් සුනාමි අනතුරු ඇගවීමේ සන්නිවේදන කුලූණු වල ක‍්‍රීයාකාරීත්වය සහ කාර්යක්ෂමතාවය පරීක්ෂා කිරීමටද හැකි වන බවයි.
මෙම පෙර පුහුණු වැඩසටහන ජාත්‍යන්තර ප‍්‍රමිතියට අනුව සිදු කෙරෙන අතර එය ඇගයීම සදහා ජාත්‍යන්තර ඇගයුම් කරුවන්ද සහභාගී වනවා. මෙම වැඩසටහනේදී ආරක්ෂාව සදහා හමුදාවේ සහ පොලීසියේ සහායද ලබා ගැනෙන බවයි රවී ජයරත්න මහතා වැඩිදුරටත් සදහන් කලේ.