News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
11

අද සිට දුම්රියේ වෙළඳාම් කටයුතු බැහැ.

1837 Views


අද සිට දුම්රියේ වෙළඳාම් කටයුතු බැහැ.

දුම්රිය කියන්නේ අපි ප්‍රවාහන පහසුකම් ලබාගන්න ක්‍රම වලින් වියදම් අඩුම ක්‍රමය වගේම අපට ඉක්මනින් සහ පහසුවෙන් ගමන් බිමන් යන්න හොඳම ක්‍රමය. එත් වෙලාවකට කෝච්චියේ යන්න එපා වෙන්නේ ඒකට ස්ටේෂන් වලින් නැඟලා, බැහැලා යන වෙළෙන්දන් නිසා. මේ කරදරයට විසඳුමක් අද ඉඳලා ක්‍රියාත්මක කරන්න දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරලා තියනවා.

කෝච්චියේ යන එන මගීන්ට වන අපහසුව සහ කෝච්චියේ විකුණන ආහාර ද්‍රව්‍ය අනාරක්ෂිතයි කියලා ලැබුණු පැමිණිලි නිසා තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. එත් එක්කම වෙළෙන්දන් විදිහට කෝච්චියට නැඟලා සොරකම් කිරීම්, ගැට කපන්නන් වගේම එක එක විෂමාචාර වැඩ වල නිරත වෙන අය ගැනත් මඟීන්ගෙන් පැමිණිලි ඇවිත් තියෙනවා කියලයි දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ.

කොහොම වුනත් මේ වැඩේ නිසා වෙළදුන්ගේ දෛයිනික ආදායමට බලපෑමක් වෙනවා. ඒ ගැන සැලකිල්ලට ගත්ත දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ, ප්‍රධාන දුම්රිය ස්ථාන වල හැර අනෙකුත් දුම්රිය ස්ථානවල වෙළඳාම් කිරීමට බාධාවක් නැහැ කියලයි.


News Articles
Latest Videos
Most Popular Post