News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
12

මේ ත්‍රස්තවාදීන් අල්ලලා දුන්නොත් ඩොලර් මිලියනයක තෑග්ගක්.

2282 Views


මේ ත්‍රස්තවාදීන් අල්ලලා දුන්නොත් ඩොලර් මිලියනයක තෑග්ගක්.

සෞදි අරාබිය තුල ත්‍රස්තවාදි ක්‍රියාවන් සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ සහය දීම සඳහා වගකිය යුතු යේමන හවුදි ත්‍රස්තවාදීන් 40 කගේ නම් ලයිස්තුවක් මාධ්‍යට ඉදිරිපත් කරලා තියෙනවා.

මේ පින්තුරවල ඉන්න ත්‍රස්තවාදීන් ගැන තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට ඇමරිකානු ඩොලර් මිලියන 05 සිට 30 දක්වා මුදලක් ලබාදෙන බව එරට නිකුත් කරපු නිවේදනයේ සඳහන් වෙනවා.

සෞදි ත්‍රස්ත විරෝධි රේගුලාසීන්ට අනුව සහ සිදුකරලා තියෙන ත්‍රස්ත ක්‍රියාවන් සැලකිල්ලට අරගෙන මේ ත්‍රස්තවාදීන් 40 දෙනා අත්‍යාවශ්‍ය ත්‍රස්තවාදීන් විදිහට ප්‍රකාශයට පත් කළ බව සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා.

තොරතුරු සපයන පුද්ගලයින්ගේ ආරක්ෂාව පිළිබඳව කිසිදු බියක් ඇති කරගත යුතු නැති බවත්, නිසි ක්‍රමවේදයක් යටතේ තොරතුරු ආරක්ෂා කිරීමට සෞදි රජය බැදී සිටින බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post