ඊයේ හවස ඉඳන් අපේ රටේ ගොඩක් තෙල් පිරවුම්හල් වල ආයෙත් පෝලිම් දකින්න ලැබුනා. ආපහු මේ සතියේ තෙල් හිඟයක් එනවා කියලා ආපු ආරංචියකට අපේ අය කලබල වෙලා තමයි මේ විදිහට තෙල් පිරවුම්හල් වල පෝලිම් ඇතිවෙලා තිබුනේ.
කොහොම වුනත් දිවයිනේ කිසිඳු ඉන්ධන හිඟයක් නැහැ කියල තමයි ඛනිජ තෙල් අමාත්‍යංශය කියන්නේ. ඒ වගේම මේ විදිහට අසත්‍ය ප්‍රචාර අරගෙන යන පුද්ගලයින් අත්අඩංගුවට ගන්න CID පරීක්ෂණයක් මේ වෙද්දී ආරම්භ කරලා තියෙනවා.