News Line| Off Air
Generic placeholder image

Nov
23

පුංචි ඡන්දය කල් යයි?

2358 Views


පුංචි ඡන්දය කල් යයි?

ලංකාවේ දේශපාලනයේ මේ දවස්වල ප්‍රධාන මාතෘකාව තමයි පළාත් පාලන ඡන්දය. ඡන්ද උණුසුම කොච්චරද කියනවා නම් අයවැය ගැනත් දැන් හැමෝටම අමතක වෙලා. ලංකාවේ පුංචි අාණ්ඩු ටික පත් කරන්න තමයි ඡන්දය තියන්න නියමිත වෙලා තියෙන්නේ. මේ පාර අලුත් ඡන්ද ක්‍රමයකට ඡන්දය පවත්වන්න හදන්නේ. එ් නිසා අලුතෙන්ම ගැසට් එකකුත් නිකුත් කරා.

හැබැයි එ් ගැසට් එක දෙසැම්බර් 4 දක්වා අත්හිටුවන්න කියලා අභියාචනා අධිකරණය ඊයේ නියෝග කරා. එ් ඡන්ද දායකයෝ 6 දෙනෙක් ගැසට් නිවේදනයට එරෙහිව කරුණු ඉදිරිපත් කරන්න කල ඉල්ලීමක් නිසා. අැමතිවරයා ප්‍රකාශයට පත් කල ගැසට් නිවේදනය නීතිවිරෝධී කියලයි ඔවුන් කියන්නේ. එ් වගේම මැතිවරණ සීමා නිර්ණය කිරීමේ කමිටුව කරපු නිර්ණයන් අැමති වෙනස් කරා කියලත් චෝදනා කරනවා.

පේන විදියට නම් පුංචි ඡන්දයට බාලගිරිදෝශය ලබලා. ඡන්දය කල්යෑම ගැන මැතිවරණ කොමිසමේ සභාපතිවරයාත් ඉන්නේ ලොකු දුකකින් කියලා පුවත්පතකට කියලා තිබ්බා. එතුමාටත් දැන් කිසිම වැඩක් කරන්නේ නැතුව ඉඳලම එපා වෙලා අැති. කොහොම වුනත් මේ විදියට ගියොත් අවුරුද්දත් කාලම තමයි ඡන්දය දාන්න වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post