පළාත් පාලන මැතිවරණයේ පළාත් පාලන ආයතන 93 ක් සඳහා නාම යෝජනා බාර ගන්න මැතිවරණ කොමිසම තීරණය කරලා තියෙනවා. මේ සඳහා පළාත් පාලන ආයතන 93 ක, නොවැම්බර් 27 වෙනිදා ඉඳන් (අද) දින 14 ක් ඇතුලත නාම යෝජනා බාර ගන්නවා.
25 වෙනිදා මැතිවරණ කොමිසමේ තිබුන විශේෂ රැස්වීමකින් පස්සේ මාධ්‍ය දැනුවත් කරමින්, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මේ බව කිව්වා.
අභියාචානාධිකරණයෙන් සීමා නීර්ණය ගැසට් පත්‍රයට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ ගැසට් පත්‍රයේ වාරණයට බලපෑමක් තියෙන පළාත් පාලන ආයතන 203 ක් තියෙනවා. ඒ අනුව පළාත් පාලන ආයතන 133 කට මැතිවරණය තියන්න පුළුවන්. එත් නිකුත් කළ ගැසට් නිවේදනයේ තියෙන මුද්‍රණ දෝෂ නිසා පළාත් පාලන ආයතන 40 ක මැතිවරණය පැවැත්වීමේ බාධාවක් තියෙනවා.
එත් පහත තියෙන පළාත් පාලන ආයතන 93 නම් අනිවාර්යෙන්ම මැතිවරණය තියන්න පුළුවන්.
– කොළඹ දිස්ත්‍රික්කය,
1. දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව.
2. මහරගම නගර සභාව,
3. බොරැලැස්ගමුව නගර සභාව.
– ගම්පහ දිස්ත්‍රික්කය,
4. ජාඇල නගර සභාව.
5. මිනුවන්ගොඩ නගර සභාව.
6. වත්තල-මාබෝලේ නගර සභාව.
7. පෑලියගොඩ නගර සභාව,
8. බියගම ප්‍රාදේශිය සභාව.
9. වත්තල ප්‍රාදේශිය සභාව.
– කළුතර දිස්ත්‍රික්කය,
10. පානදුර නගර සභාව,
11. හොරණ නගර සභාව,
12. බේරුවල නගර සභාව,
13. බණ්ඩාරගම ප්‍රාදේශිය සභාව.
14. අගලවත්ත ප්‍රාදේශිය සභාව,
– මහනුවර දිස්ත්‍රික්කය,
15. නාවලපිටිය නගර සභාව
16. පස්බාගේ කෝරළේ ප්‍රාදේශිය සභාව,
– මාතලේ දිස්ත්‍රික්කය,
17. මාතලේ මහා නගර සභාව.
– නුවරඑළිය දිස්ත්‍රික්කය,
18. නුවරඑළිය මහා නගර සභාව.
19. හැටන්-දික්ඔය නගර සභාව.
– ගාල්ල දිස්ත්‍රික්කය,
20. අක්මීමන ප්‍රාදේශිය සභාව
21. හික්කඩුව නගර සභාව.
22. අම්බලන්ගොඩ නගර සභාව.
23. නෙලුව ප්‍රාදේශිය සභාව
24. බලපිටිය ප්‍රාදේශිය සභාව
– මාතර දිස්ත්‍රික්කය,
25. වැලිගම නගර සභාව,
26. මාලිම්බඩ ප්‍රාදේශිය සභාව
27. හක්මණ ප්‍රාදේශිය සභාව
28. පස්ගොඩ ප්‍රාදේශිය සභාව
– හම්බන්තොට දිස්ත්‍රික්කය,
29. අගුණුකොලපැලස්ස ප්‍රාදේශිය සභාව
30. වීරකැටිය ප්‍රාදේශිය සභාව
31. හම්බන්තොට ප්‍රාදේශිය සභාව
32. සූරියවැව ප්‍රාදේශිය සභාව
– යාපනය දිස්ත්‍රික්කය,
33. චාවකච්චේරි නගර සභාව,
– මඩකළපුව දිස්ත්‍රික්කය,
34. ඒරාවූර් නගර සභාව.
35. ඒරාවුර් පත්තුව ප්‍රාදේශිය සභාව
36. කෝරලෙයි පත්තු ප්‍රාදේශිය සභාව
37. මන්මුනෙයිපත්තු ප්‍රාදේශිය සභාව
– ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ය.
38. වේරුගල් ප්‍රාදේශිය සභාව
39. සේරුවිල ප්‍රාදේශිය සභාව
40. ගෝමරන්කඩවල ප්‍රාදේශිය සභාව
41. පදවි ශ්‍රී පුර ප්‍රාදේශිය සභාව
42. තබලගමුව ප්‍රාදේශිය සභාව
43. ත්‍රිකුණාමලය නගර සහ කඩවත් සතර
44. කින්නියා ප්‍රාදේශිය සභාව,
– අම්පාර දිස්ත්‍රික්කය,
45. නාමල්ඔය ප්‍රාදේශිය සභාව
46. දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය සභාව
47. පදියතලාව ප්‍රාදේශිය සභාව,
48. අක්කරයෙයිපත්තුව මහා නගර සභාව,
49. අඩ්ඩාලචේනෙයි ප්‍රාදේශිය සභාව,
50. ලාහුගල ප්‍රාදේශිය සභාව,
51. අලයාඩිවෙම්බු ප්‍රාදේශිය සභාව,
52. සමන්තුරේ ප්‍රාදේශිය සභාව
53. නවින්දන්වේලි ප්‍රාදේශිය සභාව,
54. අක්කරයෙයිපත්තුව ප්‍රාදේශිය සභාව,
55. ඉරක්කාමම් ප්‍රාදේශිය සභාව,
56. කාරතිව් ප්‍රාදේශිය සභාව,
– කුරුණෑගල දිස්ත්‍රික්කය,
57. කොබෙයිගනේ ප්‍රාදේශිය සභාව,
– පුත්තලම දිස්ත්‍රික්ය,
58. වනාතවිල්ලුව ප්‍රාදේශිය සභාව,
– අනුරාධපුරය දිස්ත්‍රික්කය,
59. ගල්නෑව ප්‍රාදේශිය සභාව,
– පොලොන්නරුව දිස්ත්‍රික්කය,
60. හිගුරක්ගොඩ ප්‍රාදේශිය සභාව,
61. මැදිරිගිරිය ප්‍රාදේශිය සභාව,
62. ලංකාපුර ප්‍රාදේශිය සභාව,
63. දිබුලාගල ප්‍රාදේශිය සභාව,
– බදුල්ල දිස්ත්‍රික්කය,
64. බදුල්ල මහා නගර සභාව,
65. බදුල්ල ප්‍රාදේශිය සභාව,
66. බණ්ඩාරවෙල ප්‍රාදේශිය සභාව,
67. බණ්ඩාරවෙල නගර සභාව,
68. ඇල්ල ප්‍රාදේශිය සභාව,
69. හපුතලේ නගර සභාව,
70. හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභාව,
71.මයියංගනය ප්‍රාදේශිය සභාව,
72.ලුණුගල ප්‍රාදේශිය සභාව,
73.මීගහකිවුල ප්‍රාදේශිය සභාව,
74.කන්දකැටිය ප්‍රාදේශිය සභාව,
– මොණරාගල දිස්ත්‍රික්කය,
75. මොණරාගල ප්‍රාදේශිය සභාව,
76. සියඹලාණ්ඩුව ප්‍රාදේශිය සභාව,
77. බිබිල ප්‍රාදේශිය සභාව,
78. කතරගම ප්‍රාදේශිය සභාව,
– රත්නපුර දිස්ත්‍රික්කය,
79. අයගම ප්‍රාදේශිය සභාව,
80. කලවාන ප්‍රාදේශිය සභාව,
81. වැලිගෙපොල ප්‍රාදේශිය සභාව,
82. නිවිතිගල ප්‍රාදේශිය සභාව,
83. බලංගොඩ නගර සභාව.
84. ඇහැලියගොඩ ප්‍රාදේශිය සභාව,
85. රත්නපුර මහා නගර සභාව,
86. රත්නපුර ප්‍රාදේශිය සභාව,
– කෑගල්ල දිස්ත්‍රික්කය,
87. ගලිගමුව ප්‍රාදේශිය සභාව,
88. යටියන්තොට ප්‍රාදේශිය සභාව,
89. බුලත්කොහුපිටිය ප්‍රාදේශිය සභාව,
90. අරණායක ප්‍රාදේශිය සභාව,
91. වරකාපොල ප්‍රාදේශිය සභාව,
92. කෑගල්ල ප්‍රාදේශිය සභාව,
93. දැරණියගල ප්‍රාදේශිය සභාව,A
මුද්‍රණ දෝෂ තිබුන ගැසට් පත්‍රයේ, වැරදි නිවැරදි කරලා නැවත ගැසට් පත්‍රය නිතුක් කලොත් ඒ පළාත් පාලන ආයතන 40 ත් මැතිවරණයත් මීට සමඟාමීව පවත්වන්න පුළුවන් කියලයි මැතිවරණ කොමසාරිස්තුමා කියන්නේ.