නීත්‍යානුකූලව ඉවත් නොවී සේවය හැර ගොස් සිටි යුධ හමුදා සෙබලූන් 556 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ එම පිරිස අතර ශිෂ්‍ය භට නිලධාරියෙකු සහ හමුදා සෙබලූන් 555 දෙනෙකු වන බවයි. සෙබළියන් 23 දෙනෙකුද ඒ අතර වනවා.
යුධ හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කෙරුණේ පසුගිය 23 වනදා සිටයි. දිවයින පුරා එම මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන බවයි හමුදා ප‍්‍රකාශකවරයා සඳහන් කළේ. තවත් 26,000 කට ආසන්න පිරිසක් නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වී නොමැති බවටයි අනාවරණය වී ඇත්තේ.
සේවය හැර ගොස් සිටි යුධ හමුදා සාමාජිකයින්ට නිත්‍යාණුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ලබා දී තිබූ පොදු සමා කාලය පසුගිය 22 වනදා අවසන් වුණා.
පසුගිය ඔක්තෝබර් මස 23 වන දින සිට ක‍්‍රියාත්මක වූ මෙම පොදු සමා කාලය තුළ යුද හමුදා සාමාජිකයින් 11, 232 දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉවත් වී ඇති බවයි යුධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ. ඒ අතර යුධ හමුදා නිලධාරීන් 15 දෙනෙකු සහ කැඩෙට් නිලධාරීන් 09 දෙනෙකු ද වනවා.
2017/11/28 | SIYATHA FM TOP STORY – 9:00 AM