කොළඹ අවට මාර්ග වල මේ වන විට තවදුරටත් දැඩි රථ වාහන තදබදයක් පවතිනවා. ඒආබාධිත රණවිරුවන්ගේ විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන්.
මේ සමග ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිට ගාලූමුවදොර දෙසට මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. විරෝධතාකරුවන් මේ වන විටත් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැඳී සිටින බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
විරෝධතාව හේතුවෙන් මොරටුව කොළඹ 101 මාර්ගය ඞී ආර් විජේවර්ධන මාර්ගය ඇතුලූ මාර්ග රැසක මේ වන විට දැඩි රථ වාහන තදබදයක් පවතිනවා.
රථ වාහන තදබදය අවම කර ගැනීම සදහා හැකි තාක් විකල්ප මාර්ල භාවිතා කරන ලෙසයි පොලීසිය රථ වාහන රියදුරන්ට දැනුම් දී සිටින්නේ.
2017/11/28 | SIYATHA FM TOP STORY – 02:00PM