පළාත් පාලන ආයතන 93 ක් සදහා තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම දෙසැම්බර් 15 වනදා මධ්‍යම රාත‍්‍රී 12:00 ට අවසන් වීමට නියමිතයි. මැතිවරණ කොමිසම සදහන් කලේ එම දිනය යළි දීර්ඝ නොකරන බවයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප මුදල් බාරගැනීම ඊයේ ආරම්භ වුණා. එය ලබන දෙසැම්බර් 13 වන දින දහවල් 12.00ට අවසන් වීමට නියමිතයි.
නාමයෝජනා භාරගැනීම දෙසැම්බර් මස 11 වන දින සිට 14 වන දින දහවල් 12:00 දක්වා සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිසම සඳහන් කලා.
පළාත් පාලන ආයතන 93ක් සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට තීරණය කර ඇති අතර එම ඡන්දය පැවැත්වෙන දිනය නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
මේ අතර පළාත් පාලන ආයතන 40 කට අදාලව සිදුවී ඇති මුද්‍රණ දෝෂ නිවැරදි කර සංශෝධිත ගැසට් නිවේදනය නිකුත් කිරීම සම්බන්ධයෙන් ලබන 30 වනදා තීරණය කරන බව පළාත් සභා හා පාලන පාලන අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් කමල් පද්මසිරි මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් වූ උපදෙස් එදින ලබා දෙන බව නීතිපතිවරයා විසින් දැනුම් දී ඇති බවයි.
2017/11/28 | SIYATHA FM TOP STORY – 03:00PM