News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
28

ඇඟිලි සලකුණු මඟින් පාසල් සිසුන්ගේ අනන්‍යතාව තහවුරු කිරීමේ යෝජනාවක්.

2125 Views


ඇඟිලි සලකුණු මඟින් පාසල් සිසුන්ගේ අනන්‍යතාව තහවුරු කිරීමේ යෝජනාවක්.

සිසුන්ගේ අනන්‍යතාව නිවැරදිව සනාථ කරගැනීම සඳහා ඇඟිලි සලකුණු මඟින් තහවුරු කරගත් ක්ෂණික ප‍්‍රතිචාර දැක්වීමේ කේතයක් සමඟ ශිෂ්‍ය අංකයක් හඳුන්වාදීමට යෝජනා වී තිබෙනවා.එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, විභාග දෙපාර්තමේන්තුවේ කටයුතු විධිමත් කිරීම සහ ප‍්‍රතිව්‍යුහගතකිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා පත් කරන ලද විද්වත් කමිටුව විසින්.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, විභාග කටයුතු වලදී, අපේක්ෂකයින්ගේත්, විභාග කටයුතු වල නිලධාරීන්ගේත් පහසුව සඳහා විශේෂ හඳුනාගැනීමේ ක‍්‍රමවේදයක් ලෙසින් එය කි‍්‍රයාත්මක බවයි. ඒ අනුව රජයේ පාසල් වලට ඇතුළත් වන සියලූම සිසුන්ට අනන්‍ය ශිෂ්‍ය අංකයක් හදුන්වා දී ඇඟිලි සලකුණු මගින් අනන්‍යතාව තහවුරු කරගැනෙනවා.

මෙම අංකය පාසල් මට්ටමින් සිදුකෙරෙන ප‍්‍රධාන කඩඉම් විභාග වලදී ද යොදා ගැනීමට ද නියමිතයි. මේ හරහා ප‍්‍රධාන කඩඉම් විභාග තුන වන 05 වසර ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන විභාගයන් වලදි සිසුන්ගේ සාධන තත්ත්වයන් නිරීක්ෂණය කිරීමට හැකියාව උදාවනු ඇති. එමෙන්ම විභාග වංචාවන් අවම කරගැනීමට ද මෙය විශාල ලෙස ඵලදායී වනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.

මීට අමතරව, උත්තර පත‍්‍ර පරික්ෂාවේ දී බහුවරණ උත්තර පත‍්‍ර පරීක්ෂා කිරීම සඳහා නවින තාක්ෂණයෙන් යුත් යන්ත‍්‍ර මිල දී ගැනීමට ද යෝජනා වී තිබෙනවා. මේ හරහා බහුවරණ ප‍්‍රශ්න පත‍්‍ර ඇගයීමට ලක් කිරීමේ දී ඒ සඳහා ගත වන කාලය අඩුවීම සහ කඩිනමින් ප‍්‍රතිඵල නිකුත් කිරීමට ද හැකියාව ලැබෙනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.

 

2017/11/28 | SIYATHA FM TOP STORY – 04:00PM


News Articles
Latest Videos
Most Popular Post