අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ගල්නෑව ප‍්‍රාදේශීය සභාව වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කලා. මෙය සිදු කෙරුනේ පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන්.
පොදු ජන පෙරමුණ අද කොළඹ සහ පුත්තලම දිස්ත‍්‍රික්ක සඳහා ද ඇප මුදල් තැන්පත් කලා. සාගර කාරියවසම් මහතා සඳහන් කලේ කොළඹ දිස්ත‍්‍රික්කයේ දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාව මහරගම හා බොරලැස්ගමුව නගර සභා සඳහා ඇප මුදල් තැන්පත් කල බවයි. පුත්තලම දිස්ත‍්‍රික්කියේ වනාතවිල්ලූව ප‍්‍රාදේශීය සභාව සදහා ද ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ දිනයේ දී ඇප මුදල් තැන්පත් කලේ කළුතර, ගම්පහ, ගාල්ල යන දිස්ත‍්‍රික්ක සදහායි. මේ අනුව එම පෙරමුණ දිස්ත‍්‍රික්ක 6ක පළාත් පාලන ආයතන සදහා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප මුදල් බාරගැනීම ඊයේ පෙරවරු 8.30ට ආරම්භ වූ අතර එය ලබන දෙසැම්බර් 13 වන දින දහවල් 12.00ට අවසන් වීමට නියමිතයි. නාමයෝජනා භාරගැනීම දෙසැම්බර් මස 11 වන දින සිට 14 වන දින දහවල් 12.00 දක්වා සිදුකිරීමට නියමිත බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කලා.
පළාත් පාලන ආයතන 93ක් සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට තීරණය කර ඇති අතර එම ඡන්දය පැවැත්වෙන දිනය නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
2017/11/28 | SIYATHA FM TOP STORY – 05:00 PM