උතුරු කොරියාව සතු බලගතුම අන්තර් මහාද්වීපික බැලැස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බලා තිබෙනවා. මෙම මිසයිලය කිලෝමීටර් 1,000 ක දුරක් ගෙවා ජපාන මුහුදට පතිත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. මිසයිලය ගුවනට මුදා හැර තිබුනේ උතුරු කොරියාවේ පියොංසොං ප‍්‍රදේශයෙන්. එය මිනිත්තු 5ක් පමණ ගුවනේ පැවති බව ජපානය ද නිවේදනය කලා.
මිසයිලය ගුවන්ගත ව පැවති කාල සීමාවේදී ම අමෙරිකානූ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඊට ප‍්‍රතිචාර දක්වා තිබෙනවා. ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර ඇත්තේ, උතුරු කොරියාවේ මෙම ක‍්‍රියාව සම්බන්ධයෙන් වගබලා ගැනීමට තමන් සූදානම් බවයි.
මෙම බැලැස්ටික් මිසයිලය මීට පෙර අත්හදා බැලූ මිසයිලවලට සාපේක්ෂව ඉතා ඉහළින් ගමන් කර ඇති බව ඇමරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් සදහන් කලා. ඔහු සදහන් කලේ උතුරු කොරියාව සිදුකළ මෙම අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම ජාත්‍යන්තර තර්ජනයක් බවයි.
උතුරු කොරියාව අවසන් වරට බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලූවේ පසුගිය සැප්තැම්බර් මාසයේදීයි.
2017/11/29 | SIYATHA FM TOP STORY – 09:00 AM