News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
1

විදුලි බිඳවැටීම් වලින් 50% ක් හරි.

3347 Views


විදුලි බිඳවැටීම් වලින් 50% ක් හරි.

දිවයින පුරා වාර්තා වූ විදුලි බිදවැටීම් සංඛ්‍යාවෙන් අඩක් පමණ මේ වන විට යථා තත්වයට පත් කර ඇති බව විදුලි බල හා පුනර්ජණනීය බල ශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ අද කොළඹ පැවති ප‍්‍රවෘත්තී සාකච්ඡාවකට එක්වෙමින්. යථාතත්වයට පත් කිරීමේ කටයුතු තවදුරටත් අඛණ්ඩව සිදු කෙරෙන බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කලා.

අධික වැසි හා සුලං තත්වය හමුවේ දිවයින පුරා දස ලක්ෂ 700 ක් පමණ වන පිරිසකට විදුලිය බිදවැටීම සිදු වුනා. එය සමස්ථ විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාවෙන් 15%ක්.

විදුලි බිඳ වැටීම් මගින් දැඩි බාධා එල්ල වී ඇත්තේ කොළඹ, ගාල්ල, මාතර හම්බන්තොට සහ කලූතර යන දිස්ත‍්‍රික්ක වලටයි. විදුලි බිඳවැටීම් වැඩිම සංඛ්‍යාවක් කලූතර දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වන අතර ඒ පිළිබදව දැනුම් දීමට 011 4 418 418 යන විශේෂ දුරකථන අංකය හදුන්වා දී තිබෙනවා.

දකුණු පලාතේ විදුලි බිදවැටීම් පිලිබද තොරතුරු 071 4 23 86 23 දුරකථන අංකයෙන් දැනුම් දිය හැකියී.

විදුලි බිදවැටීම් සම්බන්බන්ධ තොරතුරු ලංකා විදුලි බල මණ්ඩලයේ ක්ෂණික දුරකථන අංකය වන 1987 සහ 1901 අංකය ඔස්සේද දැනුම් දිය හැකි වනවා.

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් හැටන් නෝර්ටන්බි‍්‍රජ් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමා තිබෙනවා. විදුලි බල මණ්ඩලය පැවසුවේ කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ වලජල මට්ටම් ඉහල යාමත් සමග ඒ ආශ‍්‍රීත විදුලි ජනන කටයුතු උපරිම ධාරිතාවයකින් සිදු වන බවයි. ඒ අනුව විමලසුරේන්ද්‍ර ලක්ෂපාන නව ලක්ෂපාන පොල්පිටිය සහ කැනියෝන් යන විදුලි බලාගාර වල විදුලි උත්පාදන කටයුතු උපරිම ධාරිතාවයකින් සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.

2017/12/01 | SIYATHA FM TOP STORY – 03:00 PM


News Articles
Latest Videos
Most Popular Post