නායයාමේ දැඩි අවධානමක් හේතුවෙන් හල්දුම්මුල්ල ඉදල්ගස්හින්න උඞ්වේරිය කන්ද ආශ‍්‍රිත පදිංචි පවුල් 45ක් එම ස්ථාන වලින් ඉවත් කර තිබෙනවා. උඩවේරිය කන්ද කොටසක් නාය ගොස් ඇති බවත් තවත් කොටසක් නායයාමේ අවදානමේ පවතින බවයි වාර්තා වන්නේ. අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර, ගාල්ල, මාතර, හා බදුල්ල දිස්ත‍්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිකුත් කල නාය යාම් අවධානම් නිවේදනය තවදුරටත් ක‍්‍රියාත්මකයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ බදුල්ල දිස්ත‍්‍රික්කයේ බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා ඒ අවට ජනතාව නාය යාම් සම්බන්ධයෙන් අවධානයෙන් පසු විය යුතු බවයි.
රත්නපුර දිස්ත‍්‍රික්කයේ අයගම බලංගොඩ කහවත්ත කුරුවිට හා ඉඹුල්පේ ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට ද නාය යාම් නිවේදන නිකුත් කර තිබෙනවා.
ගාල්ල දිස්ත‍්‍රික්කයේ බද්දේගම හා ඇල්පිටියි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ද නාය යාම් අවදානම් කලාප අතරට ඇතුළත්.
මාතර දිස්ත‍්‍රික්කයේ පිටබැද්දර පස්ගොඩ සහ කොටපොල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ජනතාවද නාය යාම් සම්භන්ධයෙන් අවදානයෙන් පසු විය යුතුයි.
මෙම අවදානම් දිස්ත‍්‍රික්ක වල ජනතාව නාය යාම් ලක්ෂණ සම්භන්ධයෙන් දැඩි අවදානයෙන් පසු විය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.
නාය යාම් ලක්ෂණ දුටු වහාම හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා යොමු විය යුතුයි.
2017/12/01 | SIYATHA FM TOP STORY – 02:00 PM