අයහපත් කාළගුණය සමග ඇතිවූ ආපදා තත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 13 ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. අම්බලන්ගොඩ, බණ්ඩාරවෙල, හික්කඩුව, මීටියාගොඩ, කොස්ගොඩ, කඹුරුපිටිය සහ මඩොල්සිම ප‍්‍රදේශවලින් එම මරණ වාර්තා වන බවයි පොලිසිය පැවසුවේ. ආපදා තත්වය හමුවේ පුද්ගලයින් 05 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටිනවා.
තුවාල ලබා රෝහල් ගත කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 51 ක්. ආපදා තත්වය හේතුවෙන් දිවයින පුරා පවුල් 23 884 කට අයත් පුද්ගලයන් 77 487 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. මේ වනවිට පවුල්1 149 කට අයත් පුද්ගලයන් 4 206 දෙනෙකු අවතැන් වී සිටින අතර ඔවුන් අවතැන් කදවුරු 40 ක රදවා තිබෙනවා. ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සදහන් කලේ ආපදා තත්වයෙන් පූර්ණ නිවාස හානි 536 ක් සහ අර්ධ නිවාස හානී 20 360 ක් වාර්තා වන බවයි
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සදහා හමුදා කණ්ඩායම් 160 ක් සූදානම් කර ඇතිබව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා පැවසුවා. ඔහු සදහන් කළේ, දිවයිනේ විවිධ ප‍්‍රදේශ වල හටගෙන ඇති ආපදා තත්වයන් යථා තත්වයට පත්කිරීම සදහා අදාල භට පිරිස් කටයුතු කරමින් සිටින බවයි.