ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මුස්ලිම් රටවල් 6කට එරෙහිව පනවන ලද සංචාරක තහනමට එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරය එම සංචාරක තහනමට අනුමැතිය ලබා දුන්නේ, ඒ සම්බන්ධයෙන් එරට පහළ අධිකරණය මගින් පැනවූ වාරණ නියෝගය අහෝසි කරමින්. විනිසුරුවරුන් 9 දෙනෙකුගෙන් 7 දෙනෙකු ම සංචාරක තහනම බලාත්මක කළයුතු බවට නියෝග කර තිබුණා.
ඊට එරෙහි වූයේ, විනිසුරුවරුන් දෙදෙනෙකු පමණයි. චැඞ්රාජ්‍ය, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සිරියාව සහ යේමනයට එම තහනම බලපැවැත්වෙනවා.
එම රටවල් වල සිට පැමිණෙන සංචාරකයින්ට තවදුරටත් නීතිමය අභියෝගයන්ට මුහුණපෑමට සිදුවනු ඇතිබවයි විදෙස් වාර්තා සදහන් කලේ.
2017/12/05| SIYATHA FM TOP STORY – 08:00 AM