News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
5

ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 50,000 කට තවමත් විදුලිය නෑ.

1462 Views


ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 50,000 කට තවමත් විදුලිය නෑ.

ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 50,000 කට තවමත් විදුලි සැපයුම තවදුරටත් අඩාල වී ඇති බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එහි අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ අද දිනය තුළ සියලූ දෙනාට විදුලි බලය ලබා දීම සදහා හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.

අධික වැසි හා සුළං සමග ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පවුල් 1,107 කට අයත් පුද්ගලයින් 4,442 දෙනෙකු තවදුරටත් අවතැන් කඳවුරු 54 ක රැඳී සිටිනවා.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අයහපත් කාළගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 14 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන් බවයි. ආපදා තත්වයෙන් තුවාල ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 77 ක්. දිස්ත‍්‍රික්ක 16 කට බලපෑ ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් 125,259 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

නිවාස 840 කට පුර්ණ හානි සිදු ව ඇති අතර තවත් නිවාස සහ ව්‍යාපාරිකස්ථාන 32,601 කට අර්ධ හානි සිදු ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ.

මේ අතර රත්නපුර දිස්ත‍්‍රික්කයේ කොලොන්න ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සම්බන්ධයෙන් තවදුරටත් නායයාමේ අවදානම් නිවේදනය ක‍්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කලා.

2017/12/05| SIYATHA FM TOP STORY – 10:00 AM


News Articles
Latest Videos
Most Popular Post