දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට දුම්රිය ගමන්වාර 33ක් පමණ ධාවනය කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.
කොළඹ කොටුව සහ මරදානෙන් ආරම්භ වන කිසිදු දුම්රියක් ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ධාවනය වන්නේ නැහැ. පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන කාර්යාල දුම්රිය කිහිපයක් පමණක් මේ වන විට ධාවනය වන බව ද දුම්රිය පාළක මැදිරිය පැවසුවා.
දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාව වැළැක්වීම සදහා ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් කොළඹින් අතිරේක බස් රථ 15 ක් පමණ යෙදවීමටද පියවර ගෙන තිබෙනවා. බඳවාගැනීමේ පටිපාටියට බැහැරව දුම්රිය රියදුරු සහයකයින් බඳවා ගැනීමට විරෝධය පළ කරමින් ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය වැඩවර්ජනයක් ආරම්භ කළා. එහි ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා සියත ප‍්‍රවෘත්ති වෙත පැවසුවේ සිය ඉල්ලීම් ලබා දෙන තුරු වර්ජනය අත්නොහරින බවයි.
2017/12/07| SIYATHA FM TOP STORY – 09:00 AM