අයවැය 2018 කාරක සභා අවස්ථා වැය ශීර්ෂ විවාදය අද පැවැත්වෙන්නේ දහ අටවන දිනටයි. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30 ට රැස්වුණේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
අද විවාදයට ගැනෙන්නේ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන, බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු, ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා, ජාතික ඒකාබද්ධතා සහ ප‍්‍රතිසන්ධාන යන අමාත්‍යාංශවලට අදාළ වැයශීර්ෂයි.
පසුගිය 17 වනදා ආරම්භ වූ අයවැය කාරක සභා විවාදයන් දෙසැම්බර් මස 9 වනදා දක්වා පැවැත්වෙනවා.
2017/12/07| SIYATHA FM TOP STORY – 10:00 AM