News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
8

දුම්රිය රියදුරන් සාකච්ඡාවකට කැඳවයි.

795 Views


දුම්රිය රියදුරන් සාකච්ඡාවකට කැඳවයි.

වර්ජනයේ නිරත දුම්රිය රියදුරන් ජනාධිපති ලේකම්වරයා සමග සාකච්ඡාවකට කැඳවා තිබෙනවා. එහිදී සිය ගැටලූ වලට විසඳුම් නොලැබුණහොත් වර්ජනය තවදුරටත් අඛණ්ඩව ක‍්‍රියාත්මක කරන බව ද ඔහු පැවසුවා.

දුම්රිය එන්ජින් රියදුරන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් අද පෙවරුවේ කොළඹින් පිටත්වීමට නියමිතව තිබූ කිසිඳු දුම්රියක් ධාවනය වුනේ නැහැ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ඊයේ කොළඹින් පිටත් වූ දුම්රියන් 08 ක් පමණ යළි කොළඹට පැමිණි බවයි. එමදුම්රියන් අද ධාවනය සඳහා එක් කෙරෙනවා.

මේ අතර තැපැල් දුම්රිය ධාවනය නොවූවද තැපැල්සේවා සාමාන්‍ය පරිදි ක‍්‍රියාත්මක බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා පවසනවා. ඔහු සඳහන් කලේ ලොරි රථ 06 ක් යොදා ගනිමින් තැපැල් සේවා බාධාවකින් තොරව පවත්වගෙන යන බවයි.

නියමිත පටිපාටියෙන් බැහැරව දුම්රිය රියදුරු සහයකයින් බඳවා ගැනීමට විරෝධය පළකරමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කලේ පසුගිය 06 වනදා මධ්‍යම රාත‍්‍රියේයි. විසඳුම් ලැබෙන තුරු අඛණ්ඩව මෙම වර්ජනය ක‍්‍රියාත්මක කරන බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය සඳහන් කලේ.

2017/12/08| SIYATHA FM TOP STORY – 10:00 AM


News Articles
Latest Videos
Most Popular Post