පහුගිය කාලයේ වැඩබැරි දොස්තරලා බිහිකරනවා කියලා රජයේ වෛද්‍යවරු ලොකු සටනක් කරා. එ් සයිටම් පොද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව. එ් ප්‍රශ්නය ඉවර වුනා විතරයි වෛද්‍යවරු ගැන තවත් ප්‍රශ්නයක් කරළියට අැවිල්ලා තියෙනවා. හොර දොස්තරලා 30,000 ක් ලංකාවේ ඉන්නවා කියලා සොඛ්‍ය අැමතිතුමා කියනවා.
මේ හොර දොස්තරලා අල්ලන වැඩේ පොලීසියට බාර දෙනවා කියලයි අමතිතුමා කියන්නේ. දැනට රට වටේම පෞද්ගලික රෝහල්වල 15,000 ක් විතර වෛද්‍යවරු සේවය කරනවා. එ් හැමෝම පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන සභාවේ අනිවාරයෙන්ම ලියාපදිංචි වෙන්න ඕන. හොර දොස්තරලා අල්ලන්න සහය දෙන්න කියලා පෞද්ගලික වෛද්‍යවරුන්ගෙන් සෞඛ්‍ය අැමතිතුමා ඉල්ලනවා.