News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
20

ලංකාවේ රැවුල ගිනිගනිද්දී , රුසියාව සුරුට්ටු පත්තු කරයි. “සිලෝන් ටී” වෙනුවට “කෙන්යා ටී” රුසියාවට…

4396 Views


ලංකාවේ රැවුල ගිනිගනිද්දී , රුසියාව සුරුට්ටු පත්තු කරයි. “සිලෝන් ටී” වෙනුවට “කෙන්යා ටී” රුසියාවට…

“සිලෝන් ටී” වලට ලෝකයේ තියෙන්නේ ලොකු ඉල්ලුමක්. ලෝකයේ හොඳම තේ කියන නම්බුනාමයත් “සිලෝන් ටී” වලට තියෙනවා. හැබැයි මේ දවස්වල නම් “සිලෝන් ටී” වලට හොඳ කාලයක් නෙවෙයි උදා වෙලා තියෙන්නේ. ලංකාවේ ප්‍රධානම තේ වෙළඳපොලක් වුන රුසියාව ලංකාවේ තේ අානයනය තාවකාලිකව තහනම් කරලා තියෙනවා. එ් රුසියාවට යවපු තේ බහාලුමක කුරුමිණියෙක් හිටිය නිසා.

ලංකාවේ තේ කර්මාන්තය අමාරුවේ වැටිලා තියෙන වෙලාවේ එ්කෙන් තවත් රටක් ප්‍රයෝජන ගන්න යනවා. රැවුල ගිනි අරන් තියෙන වෙලාවේ සුරුට්ටු පත්තු කරන්න යන්නේ කෙන්යාව. ලංකාවේ ප්‍රධානම තේ තරඟකරුවෙක් තමයි කෙන්යාව. ඉතිං රුසියාව ලංකාවට දාලා තියෙන තහනමත් එක්ක රුසියා තේ වෙළඳපොලට රිංගන්න කෙන්යාව හදනවා.

මේ වැඩපිළිවෙල ශක්තිමත් කරන්න කෙන්යානු කෘෂිකර්ම අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුතු විශේෂ දූත කණ්ඩායමක් ජනවාරිවල රුසියාවට යනවාලු. ඉදිරියේදී රුසියාවට තේ කිලෝ මිලියන 44 ක් අපනයනය කරන්නත් කෙන්යාව සැලසුම් කරලා තියෙනවා. ලංකාවේ අාර්ථිකයෙන් ලොකු බරපැනක් තේ අපනයනයෙන් දරණවා. ඉතිං අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් කෙන්යාව රුසියාවට රිංගුවොත් ලංකාවට තේ කොළ කන්න තමයි වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post