News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
22

එ.ජා.ප ය, ජ.වි.පෙ නෑ. ශ්‍රී.ල.නි.ප යේ 2 යි. පොහොට්ටුවේ ගොඩයි. නාම යෝජනා ඉවරයි.

2000 Views


එ.ජා.ප ය, ජ.වි.පෙ නෑ. ශ්‍රී.ල.නි.ප යේ 2 යි. පොහොට්ටුවේ ගොඩයි. නාම යෝජනා ඉවරයි.

පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාර ගන්න එක ඊයේ දවල් 12 න් අවසන් වුණා. ගමේ ඡන්දයට නාම යෝජනා දෙන්න ලොකු තරඟයක් තිබ්බා. හැබැයි සමහර පක්ෂ වල නාම යෝජනා ප්‍රතික්ෂේප වුනා.

හැබැයි එක්සත් ජාතික පක්ෂයයි, ජනතා විමුක්ති පෙරමුණයි නම් කිසිම ප්‍රශ්නයක් නැතුව රට වටේටම නම් දුන්නා. වැඩියෙන්ම නාම යෝජනා ප්‍රතික්ෂේප වුනේ පොහොට්ටුවේ. ඔවුන්ගේ නාම යෝජනා 11 ක් ප්‍රතික්ෂේප වුනා. ඊයේ විතරක් අනුරාධපුර තිරුප්පනේ පාදේශීය සභාවේ, යාපනය මහ නගර සභාවේ, වලිකාමම් උතුර, වලිකාමම් නැගෙනහිර, ඩෙල්ෆ් නාම යෝජනා ප්‍රතික්ෂේප වුනා. ඊට කලින් වැලිගම, මහරගම, පානදුර නගර සභාවලත් අගලවත්ත, බදුල්ල, මහියංගණය ප්‍රාදේශීය සභාවලත් නාම යෝජනා ප්‍රතික්ෂේප වුනා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා 2 ක් ප්‍රතික්ෂේප වුනා. එ් දෙහිඅත්තකණ්ඩිය සහ පදියතලාව ප්‍රාදේ්ශීය සභාවල. ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මාතරට සහ වැලිගමට දුන්න නාම යෝජනා ප්‍රතික්ෂේප වුනා. කොහොම වුනත් නාම යෝජනා බාර ගන්න කාලයේ කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වෙලා නෑ.


News Articles
Latest Videos
Most Popular Post