News Line| Off Air
Generic placeholder image

Dec
25

නිවාඩුවට චාරිකා යන්න බදුල්ල – කොටුව විශේෂ දිවා කාල දුම්රියක්‌.

1248 Views


නිවාඩුවට චාරිකා යන්න බදුල්ල – කොටුව විශේෂ දිවා කාල දුම්රියක්‌.

මේ පටන් අරගෙන තියෙන්නේ නත්තල් සමය. ඒ වගේම පාසල් නිවාඩු අවසාන කාලය. ගොඩක් අය විනෝද චාරිකා යන්න දාගන්නේ මේ කාලෙට. සමහරු තම තමන්ගේ වාහන වලින් චාරිකා යද්දී, තවත් සමහරු කැමති කෝච්චියේ යන්න. විශේෂයෙන්ම ලංකාවේ උඩරට පළාතේ චාරිකාවක් යනවනම් ඔබ යන්නම ඕන කෝච්චියේ කියලයි අපි ඔබට යෝජනා කරන්නේ. මොකද ලංකාවේ කඳුකර පළාතේ ලස්සනම ලස්සන දේවල් ඔබට දකින්න පුළුවන් වෙන්නේ ඔබේ චාරිකාව කෝච්චියේ යන්න පුළුවන් නම් විතරමයි.

ඉතින් 2018 නව වසර උදාව නිමිති කරගෙන ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කොළඹ කොටුවේ ඉඳලා බදුල්ල දක්‌වා විශේෂ දිවා කාල දුම්රියක්‌ ලෑස්ති කරලා තියෙනවා.දෙසැම්බර් 22 වැනිදා ඉඳන් 2018 ජනවාරි 08 වෙනිදා වෙනකන් මේ කෝච්චිය ධාවනය කරන්න ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සුදානම්.

කොළඹ කොටුවෙන් දෙසැම්බර් 24, 26, 28 හා 2018 ජනවාරි 02, 04, 06 යන දිනවලදී උදේ 7.03 ට පිටත් වෙලා පස්‌වරු 5.40 ට බදුල්ලට ගමන් කරනවා. ආපහු ඒ කොච්චියම බදුල්ලෙන් දෙසැම්බර් 25,27,29 සහ ජනවාරි 03, 05, 07 යන දිනවලදී උදැසන 7.15 ට පිටත් වෙලා පස්‌වරු 7.15 ට කොළඹ කොටුවට ළඟාවෙන්න නියමිත වෙලා තියෙනවා.

ඔබත් මේ නිවාඩු කාලේ උඩරට පැත්තට චාරිකාවක් යන්න බලපොරෝත්තු වෙනවනම් මේ විශේෂ දුම්රිය සේවාව ඔබට ලබාගන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post