News Line| Off Air| Games
Generic placeholder image

Apr
16

නව වසරේ පළවෙනි සඳුදා දවස ඔබට කොහොමද කියලා මෙතනින් බලන්න.

652 Views


නව වසරේ පළවෙනි සඳුදා දවස ඔබට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2018 අප්‍රේල් මස 16 වනදා
රාහු කාලය: දිවා කාලය උදෑසන උදෑසන 07.34 සිට 09.06 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 07.46 සිට 09.14 දක්වා 
සුභ දිශාව: නැගෙනහිර
මරු සිටින දිශාව: වයඹ 

 

මේෂ ලග්නය

කලා කටයුතු වලට නම් සුභ දිනයකි. නමුත් තරමක කාර්යබහුලතාවයක් ඇතිවිය හැකි දිනයකි. වෘත්තිමය වෙනස් වීම් සිදුවන දිනයකි. දුර බැහැර ගමන් බිමන් යෙදෙන දිනයකි. හවුල් ව්‍යාපාර කටයුතු වලටද යෝග්‍ය දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය                                                    ජය අංකය: 07

වෘෂභ ලග්නය

කොන්ද හා තුනටිය ආශ්‍රිත රෝග වලින් පීඩා ඇතිවිය හැකි දිනයකි. තරමක සැහැල්ලු මානසිකත්වයකින් කටයුතු කළහැකි දිනයකි. ලාභ ඉපයීමේ වැඩි ඉඩකඩ පවතින දිනයකි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කිරීම හා  කල්පනාකාරී වීම ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙවි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය                                                ජය අංකය: 04

මිථුන ලග්නය

කායික හා මානසික පීඩාකාරී තත්වයන් දුරුවන දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වල යහපත් වෙනසක් අපේක්ෂා කළහැකි දිනයකි. ලේඛන කටයුතු වලටද ඔබට වඩාත් සුභ දිනයකි. වචන භාවිතයේදී කල්පනාකාරී වන්න. ආදායම් තත්වය සුභ දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ක්‍රීම් පැහැය                                                    ජය අංකය: 09

 

කටක ලග්නය

කාන්තාවන්ගෙන් ඔබට බොහෝ උදව් ලැබෙන දිනයකි. සමාජයේ වැඩි ගෞරවයද නිමදව ලැබෙන දිනයකි. වඩාත් කල්පනාකාරීව තීන්දු තීරණ ගැනීමට යොමු විය යුතු දිනයකි. ආගමානුකුලව මෙන්ම ප්‍රවේසමෙන් කටයුතු කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය                                                  ජය අංකය: 07

සිංහ ලග්නය

පෙර පින ඉස්මතු වන දිනයකි. නිරවුල් පරිසරයක වැඩ කිරීමේ හැකියාවක් පවතින දිනයකි. කල්පනාකාරීව හා වඩාත් ඉවසිලිවන්තව වැඩ කටයුතු කළයුතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. වැඩිහිටි උපදෙස් මත කටයුතු කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය                                         ජය අංකය: 04

කන්‍යා ලග්නය

අධ්‍යාපන වැඩ කටයුතු වලට නම් වඩාත් යෝග්‍ය දිනයකි. ගමන් බිමන් යෙදෙන දිනයකි. බොහෝ පිරිසක් අතර ඔබ ගැන කතාබහක් ඇතිවන දිනයකි. එමෙන්ම අන් අයට උදව් උපකාර කිරීමට සිදුවන දිනයකි. නමුත් තීන්දු තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතුයි. ආගමානුකුලව, කල්පනාකාරීව ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත්.
ජය වර්ණය: ලා කොළ පැහැය                                   ජය අංකය: 03

 

තුලා ලග්නය

හවුල් ව්‍යාපාර වලට වඩාත් යෝග්‍ය දිනයකි. සිතේ සතුටින් කල් ගෙවීමට හැකියාව ඇත. එමෙන්ම කල්පනාකාරී වන්න. ප්‍රවේසම් වීම වැදගත් වන දිනයකි. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න. ජීවිතයට නව බලාපොරොත්තු ඇතිවන දිනයකි.
ජය වර්ණය: විසිතුරු පැහැය                                     ජය අංකය: 04

වෘශ්චික ලග්නය

 

කලා කටයුතු වලට මෙන්ම අධ්‍යාපන වැඩ කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි. අසරණ අය සමඟ ගනුදෙනු කිරීමට සිදුවන දිනයකි. වියදම් පිළිබඳව වඩාත් සැළකිලිමත් වන්න. දුර බැහැර ගමන් වලදී ප්‍රවේසම් විය යුතු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. වඩාත් ඉවසිල්ලෙන් හා  කල්පනාකාරීව වැඩ කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය                                             ජය අංකය: 04

 

 

ධනු ලග්නය

පීඩාකාරී දවසකි. එබැවින් වඩාත් ඉවසිල්ලෙන් හා කල්පනාවෙන් කටයුතු කරන්න. නිසි සැලසුම් සහිතව දිනය ආරම්භ කරන්න. නමුත් කල්පනාකාරීව වැඩ කරන්න. කෝපය නම් අනිවාර්යයෙන්ම පාලනය කරගත යුතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය                                                  ජය අංකය: 04

 

මකර ලග්නය

පාද ආශ්‍රිත රෝග ඇතිවීමට ඉඩ ඇති දිනයකි. අදහස් යටපත් කරගන්නා දිනයක් විය හැකිය. පොත් ලියන ඔබට නම් වඩාත් යෝග්‍ය දිනයකි. නිසි සැලසුම් සහිතව කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. හවුල් ව්‍යාපාර කටයුතු වලටද සුභ දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: විසිතුරු පැහැය                                 ජය අංකය: 03

 

 

කුම්භ ලග්නය

පෙර පින ඉස්මතු වන දිනයකි. නමුත් රෝගී තත්වයන්ද ඇතිවීමේ ඉඩකඩ පවතින දිනයකි. කලා කටයුතු වලට නම් සුභ දිනයකි. කතාවෙන් බොහෝ දේ ජයගත හැකි දිනයකි. ඉවසිලිවන්තව දිනය ගෙවන්න. කෙසේවුවත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය                                                ජය අංකය: 04

 

මීන ලග්නය

වාග් ශක්තිය යහපත් මට්ටමක පවතින දිනයකි. ආගමානුකුල කටයුතු වලට ඔබ මැදිහත් වන දිනයකි. බොහෝ ශක්තීන් ඔබට ලැබෙන දිනයකි. සෑම අතින්ම ඔබට සාර්ථකත්වයක් ලබාගත හැකි ඔබ බලාපොරොත්තු වූ වැඩ කටයුතු බොහොමයක් සාර්ථක කරගත හැකි දිනයකි. කසමාජ ගෞරවය නොමදව ලැබෙන දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු කරගෙන යන්න. ආගමානුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යෝග්‍යයි.
ජය වර්ණය: ලා දම් පැහැය                                           ජය අංකය: 04
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක 
දුරකථන: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post