News Line| Off Air| Games
Generic placeholder image

Jun
18

FIFA ලෝක කුසලානය උඩු යටිකුරු වෙයි. ප්‍රභල ජර්මනිය පරාජය වෙද්දී බ්‍රසීලය සම වෙයි.

612 Views


FIFA ලෝක කුසලානය උඩු යටිකුරු වෙයි. ප්‍රභල ජර්මනිය පරාජය වෙද්දී බ්‍රසීලය සම වෙයි.

2018 FIFA ලෝක කුසලානය වසරවලට වඩා පෙරළිකාර තරඟාවලියක් වෙලා තියෙනවා. ඊයෙත් තවත් තියුණු තරඟ කිහිපයක් පැවැත් වුණා. මේ තරඟ වලදී පාපන්දු ප්‍රබහලයින් විදියට නම් දරපු කණඩායම් කිහිපයක් පරාජය වුණා.

එක තරඟයක් පැවැත් වුණේ පහුගිය ලෝක ශූර ජර්මනිය සහ මෙක්සිකෝව අතර. බොහෝ දෙනා බලාගෙන හිටියේ ජර්මනිය පහසු ජයක් ලබා ගනී කියලා. හැබැයි අවසානයේ තියුණු සටනකින් ජය ලබා ගන්න මෙක්සිකෝව සමත් වුණා. ඒ ගෝල 1 – 0 ක් විදියට. මෙක්සිකෝව තරඟය පුරාම දැඩි ආරක්‍ෂිත ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරා.

මෙක්සිකෝව ලබා ගත්ත එකම ගෝලය වාර්තා කරේ හර්වින් ලොසානෝ. තරඟයේ 35 වන මිනිත්තුවේදී ඔහු ගෝලය ලබා ගත්තා. ජර්මනියේ මැද පෙළ නිර්මාණය කල අවස්ථා රැසක ජර්මනියේ මුල් පෙළට මඟ හැරුණා. ඒ මෙක්සිකෝවේ දැල් රකින්නාගේ සුපිරි දක්ෂතා නිසා.

සුපිරි බ්‍රසීල කණ්ඩායම සහ ස්විස්ටර්ලන්තය අතර තරඟයත් කවුරුත් නොහිතපු විදියට ජය පරාජයෙන් තොරව අවසන් වුණා. ඒ ගෝල 1 – 1 ක් විදියට. බ්‍රසීල කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක පිලිප් කුටීනියෝ බ්‍රසීලය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය ලබා ගත්තා. හැබැයි තරඟයේ 50 වන මිනිත්තුවේදී ස්විට්සර්ලන්ත කණ්ඩායමේ සුබර් ගෝලයක් වාර්තා කරමින් තරඟය සම කරා.

https://youtu.be/3dWrKNrWbWQ


News Articles
Latest Videos
Most Popular Post