News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
7

රටේම දේශාභිමානය අවදි කළ සිංහයා, බ්‍රිගේඩියර් ප්‍රියංකරගේ වගකීම් ආයෙත් දෙන්න ජනපති නියම කරයි. – හමුදා මාධ්‍ය ප්‍රකාශක සියතට කියයි.- Exclusive

22402 Views


රටේම දේශාභිමානය අවදි කළ සිංහයා, බ්‍රිගේඩියර් ප්‍රියංකරගේ වගකීම් ආයෙත් දෙන්න ජනපති නියම කරයි. – හමුදා මාධ්‍ය ප්‍රකාශක සියතට කියයි.- Exclusive

බ්‍රිතාන්‍යයේ කොටි හිතවාදීන් කරපු උද්ඝෝෂණයකට බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු දක්වපු ප්‍රතිචාරය ගැන හැමෝම කතා කරා. ලෝක පුවත් සේවාවන් පවා මේ ගැන කතා කරලා තිබ්බා. බ්‍රිතාන්‍යයේ සර්වපාක්ෂික මන්ත්‍රී පිරිසක් බ්‍රිගේඩියවරයාව ඉක්මනටම පිටුවහල් කරන්න කියලා පැමිණිලි කරලා තිබ්බා.

මේ සිද්ධිය අාරංචි වුණ ගමන් විදේශ කටයුතු අමාත්‍යංශය බ්‍රිගේඩියගේ වගකීම් සියල්ලම ඉවත් කරා. එ් ගැන ලංකාවෙන් ලොකු විරෝධයක් රජයට එල්ල වුණා. නමුත් ජනාධිපතිතුමා, බ්‍රිගේඩියගේ සියලුම වගකීම් නැවත ලබාදීලා සේවයේ පිහිටුවන්න කියලා නියෝග කරලා තියෙනවා. එ් නිසා නැවතත් බ්‍රිගේඩියර්ට සුපුරුදු පරිදි සේවය කරන්න පුළුවන්.

කොහොම වුනත් විදේශ කටයුතු අාමාත්‍යංශයෙන් මේ ගැන පරීක්ෂණයක් කරන්න නියමිතයි. එ් පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව යුධ හමුදාව පරීක්ෂණයක් කරනවාද නැද්ද කියලා තීරණය කරනවා.

මේ ඒ ගැන හමුදා මාධ්‍ය ප්‍රකාශක සියතට කිවුව කතාව.

 

මේ තියෙන්නේ බ්‍රිගේඩියර්වරයා දෙමල ඩයස්පෝරාවේ විරෝධතා කරුවන්ට ප්‍රතිචාර දක්වපු විදිහ.

 


News Articles
Latest Videos
Most Popular Post