මෝටර් රථ ධාවන තරඟ කියන්නේ ක්‍රිකට් වලට පස්සේ ලංකාවේ වැඩිම ජනප්‍රියත්වයක් තියෙන ක්‍රීඩාවක්. කොළඹ දෙදෙරවමින් ලංකාවේ ජනප්‍රිය මෝටර් රථ ධාවකයින් තරඟ වඳින තරඟාවලියක් ළඟදී පැවැත් වෙනවා.
ඒ තමයි ‘කලම්බු සුපර් ක්‍රොස් – 2018’ තරඟාවලිය. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය එක්ව දෙවෙනි වතාවට තමයි මේ තරඟාවලිය පවත් වන්නේ. තරඟාවලිය ජුනි මස 24 වන දින වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී පැවැත් වෙනවා.
යතුරු පැදි අංශයේ තරඟ 11 කින් සහ මෝටර් රථ අංශයේ තරඟ 14 කින් ‘කලම්බු සුපර් ක්‍රොස් – 2018’ තරඟාවලිය සමන් විතයි. යතුරු පැදි කරුවන් 120 ක් සහ මෝටර් රථ ධාවකයන් 110 ක් මෙවර තරඟාවලියට එකතු වෙනවා.
වැලිසර, නාවික හමුදා ධාවන පථයෙහි යතුරු පැදි ධාවන පථය කිලෝමීටර් 1.8 ක් දිගයි. වංගු සහිතව සකසා ඇති ශ්‍රී ලංකාවේ විශාලම පිම්මක් සහිත ධාවන පථයත් මෙයයි. ධාවන පථය දෙපස පිහිටි උස් වේදිකාව මත සිට ප්‍රේක්ෂකයින් 10,000 කට පමණ පහසුවෙන් තරඟ නරඹන්නත් පුළුවන්. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව බොරළු යොදා සැකසූ දැනට ශ්‍රී ලංකාවේ පවතින උසස්ම ධාවන පථය විදියටත් වැලිසර, නාවික හමුදා ධාවන පථය හඳුන්වන්න පුළුවන්.
මෙම තරඟ සංවිධානයෙන් ලැබෙන අරමුදල්, සටනේදී මිය ගිය, ආබාධිත තත්ත්වයට පත් වූ නාවික රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් හට මෙන්ම නාවික පුද්ගලයින්ගේ සුභසාධන කටයුතු සඳහා යොදා ගන්න අපේක්ෂා කරනවා.