හලාවත මෝය ආසන්න ප්රදේශයේදී අතුරුදන් වූ ධිවරයා ධීවරයා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඒ පොලීස් ජීවිතාරක්ෂක ඒකකය සහ සහ නාවික හමුදාව විසින්. පොලීසිය පැවසුවේ මුහුදේ රලූ ස්වභාවය හේතුවෙන් එම කටයුතු වලට බාධා එල්ල වී ඇති බවයි.
හලාවත මෝය ආසන්න ප්රදේශයේදී ධිවරයකු අතුරුදන් වුනේ අද පෙරවරුවේදීයි. පොලීසිය පැවසුවේ එම ප්රදේශයේ ධීවර කටයුතු වල නිරත වෙමින් සිටියදී බෝට්ටුවෙන් මුහුදට වැටී ඔහු අතුරු දන්ව ඇති බවයි. තවත් ධීවරයකු සමග එම බෝට්ටුවේ යමින් සිටියදී ඔහු එලෙස මුහුදට වැටී තිබෙනවා. එලෙස අතුරුදන්ව ඇත්තේ හලාවත අඹකදවිල සදුන්වත්ත ප්රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්.
Siyatha Top Story | 04:00 PM | Editor : Amila Udaraka