News Line| Off Air
Generic placeholder image

Jun
27

පොසොන් පොහොයට සමගාමීව දිවයින පුරා දන්සල් පරීක්ෂා කෙරේ

738 Views


පොසොන් පොහොයට සමගාමීව දිවයින පුරා දන්සල් පරීක්ෂා කෙරේ

පොසොන් පොහොයට සමගාමීව දිවයින පුරා සංවිධානය කර ඇති දන්සල් පරීක්ෂාව මේ වනවිට ආරම්භ කර ඇති බව ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ දන්සැල් පරික්ෂාව සඳහා විශේෂ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1 800 දෙනෙකු යොදා ඇති බවයි.

අපිිරිසිදු සහ පරිභෝජනයට නුසුදුසු ලෙස පිළියෙල කළ ආහාර ලබාදෙන දන්සැල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතයි.

දන්සැල් වලින් ආහාර ගැනීමේදී ඒවායේ කටයුතු කරන ආකාරය ආහාර වල පිරිසිදුභාවය පිලිබදව සැලකිලි මත් වන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙන්නේ.

මෙවර පොසොන් පොහොයට සමගාමීව දිවයින පුරා දන්සැල් 4 397 ක් ලියාපදිංචිය ලබාගෙන තිබෙනවා.

Siyatha Top Story | 11:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post