News Line| Off Air| Games
Generic placeholder image

Aug
1

බලාපොරොත්තු අතහැරගත් ලාදුරු රෝගීන් 29 දෙනෙක්ගේ ජීවිතයේ හීන හැබෑ වන දිනය හෙටයි.

1745 Views


බලාපොරොත්තු අතහැරගත් ලාදුරු රෝගීන් 29 දෙනෙක්ගේ ජීවිතයේ හීන හැබෑ වන දිනය හෙටයි.

ලාදුරු, මේ නම අහල බය වෙලා ඇති ඔබ. හැබැයි සමහර විට මේ වෙනකල් ලාදුරු රෝගියෙක්ව ඔබ දැකලවත් නැතුව ඇති. ඇත්තටම මොකක්ද මේ ලාදුරු කියන්නේ ?

ලාදුරු කියන්නෙ ස්නායු පද්ධතිය ආශ්රිතව හැදෙන ලෙඩක්. ලාදුරු හැදුනාම ශරීරයේ සංවේදී බව අඩුවෙනවා. හැබැයි කොයිතරම් භයානක ලෙඩක් වූණත් මේකට බෙහෙත් තියෙනවා. නිසි කාලෙට හරි විදියට බෙහෙත් කළොත් හොඳ කර ගන්නත් පුළුවන්. ඒත්,

ඔබ සතුටින් හිනා වෙලා ජිවත් වේන මේ පොලොව උඩම ලාදුරු හින්ද තනිවුණු හදවත් 29 ක් දුක් විඳිනවා.

හොඳ කර ගන්න බෙහෙත් තියෙනව නම් ඇයි එයාල තාමත් අසනීපෙන්? ඔබේ ඊළඟ ප්‍රශ්නෙ ඒක. හැබැයි සමහර වෙලාවට අපිට වගේ එයාලටත් සල්ලි ප්‍රශ්න, ගෙවල්වල ප්‍රශ්න ඇති. ඉතිං ඒ ජිවිතවලට තියෙන එකම බලාපොරොත්තුව, පිහිට, ලාදුරු රෝගීන් වෙනුවෙන්ම හදල තියෙන ලංකාවේ එකම ලාදුරු රෝහල විතරයි. විශ්වාස කරන්න මෙතන ඉන්නවා වයස 16 දී රෝහල් ගතවුණු කෙනෙක්. දැන් එයාට වයස 76 ක්.

ලාදුරු බෝවෙනවද ? ස්පර්ශයෙන් බෝවෙන්නෙ නෑ. හැබැයි මිනිස්සු මේ ලෙඩේට තියෙන බය හින්ද හෝ රෝගීන්ව සමාජය කොහොම පිලිගනිවිද කියන බය හින්ද මේ රෝහලේ ජිවත් වෙන අයට බාහිර ලෝකයත් එක්ක කිසිම සම්බන්ධතාවයක් නෑ. කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලනවා වගේ ඒ අය ලෝකය දකින්නේ රෝහල කෙලවරේ මේසෙක තියල තියෙන පුංචි TV එකෙන්.

සමහර වෙලාවට හව්හරණක් කියල කියන්නේ හිසට සෙවණක්ම නෙවෙයි. අපි ඔවුන් වෙනුවෙන් ඉන්නවා කියන එකයි. අන්න ඒකයි සියත 24 පළමු වෙනි සංවත්සරය වෙනුවෙන් අපි ඒ ජිවිත වලට තව ටිකක් කිට්ටු වෙන්න හිතුවේ.

ඉතිං ඒ අසරණ ජිවිත වෙනුවෙන් මුළු ලෝකයම ඔවුන් ළඟට අරං යන්න බැරි වුණත්, උදේ ඉඳන් රෑ වෙනකල් එක දවසක් හරි ඔවුන් ළඟට වෙලා ඒ ජිවිතවල දුක සතුට බෙදා හදා ගන්න, ඔවුන් ආදරේ කරන කලාකරුවො කීපදෙනෙක් එක්ක ලබන අගෝස්තුවේ දෙවෙනිදා 02 අපි ඔවුන්ව හොයාගෙන යනවා.

හැමදාම උදේට සියත ගොඩ යන ලක්ශයෙන් රුපියල් ලක්ශය ගානේ බෙදන අපි මේ සත්කාරය කරන්න යනකොට ඔබෙනුත් කීයක් හරි ඉල්ලන එක ඔබට කරන මදි පුංචිකමක් කියලා අපිට හිතුනා. මේ වැඩේ අපි අපේ වියදමින් කරනවා. හැබැයි මෙහෙම මිනිස්සුත් අපි අතරම ඔබේ උදව් බලාපොරොත්තුවෙන් ඉන්න බව මතක් කළ යුතුම නිසයි මේ දැනුවත් කිරීම කළේ. ඔබටත් පුලුවන් කමක් තිබුනොත් හැදල තියෙන මේ ලාදුරු රෝහලට ගිහිං ඔවුන් වෙනුවෙන් පුලුවන් උදව්වක් කරන්න.


News Articles
Latest Videos
Most Popular Post